December 31, 2010

හෙ(ව)නැල්ල

කන්නෙත් නැති
බොන්නෙත් නැති
පාටක් නැති
මෙලෝ රහක් නැති
නුඹ කව්ද?????

නුඹ

ලඟ

නැති

අද

මට

සඳ

මොකට?

හරය

මොරදිදී දෙසන
අඩු වැඩිකොට
බෙදා ගුණකර
වාසි ගෙනෙන සේ
සකසති හරය
උනුනට ම සරි

මම නොබලමි.

සඳවතිය මොනා හරි
කියන්නැති
අහස දැන් ලහි ලහියේ
වළාකුළු ආවරණ
රැස් කරන්නේ
බොරු කලබල..
මම ඇය දිහා නොබලමි.

December 30, 2010

අන්තිම පෙට්ටියේ අපි..

අපි හැමදාම එනකොට
කෝච්චිය යන්න පටන් අරන් ඉවරයි...
කොහොම හරි අන්තිම පෙට්ටියේ
එල්ලිලා අපි
ඉස්ටේසමට ලඟාවෙනවා...

ලේ

බේරුවලේ
මහ දවාලේ
මුහුදු වැල්ලේ
බිල්ලේ
ලේ

පෙම්වත් ගැහැණිය

කොණ්ඩෙ මූණෙ ඇඳුමෙ ඉඳන්
හිතේවත් කිසිතැනක වෙනසක් නැති
එක වගේ මොඩල් අතරෙ
නු‍ඹ මට අරුම ගැහැණියක්!

රමණය

දැඟලීමක්
කෙඳිරීමක්
හතිදැමීමක්
සහ
අවුල්වීමක්

December 29, 2010

ආදරය | වෛරය

කෙස් ගසක
වෙනසකින්
උපදින
එකම චෛතසිකය.

නැවතුම්පළ

රුදුරු වැස්සෙන් පහර වදිමින්
අඳුර සමගින් ගොඩ වදින්නෙමි
සිනහා,ඝෝසා,සුසුම් අතරින්
පුරුදු මුල්ලට පිය නගන්නෙමි

ලයික්

ෂෙයාකලා පෝස්ට‍යක්
ලයික් ලයික් ලයික්
සේරම එක දාගෙන
බ්ලොග වේලෙයි එක තැන

මව්පස සාක්කිය

කොලුවට කොහොමත්
ලොකූ
ආසාවක් තිබුණා

කවදා හරි
හොඳ හෝටලේකින්
කන්න

December 28, 2010

කණාමැදිරියා

ගිණිපෙලෙල්ලෙන් බැට කා,
තනි තරුවකට පෙම් කල,
කණාමැදිරියා මම

(පියවි)සිහිනය

මගේ ඇඳේ හිටිය ඈව
අල්ලගන්න හදනකොට
නෙත් දෙකට වැලි ගසා
මට නොකියා ගිහිල්ලා

පෙම්වතිය

කිඳා බසී හද පතුලට
එලියට එයි දුම් විලසට
පිච්චි පිච්චි අළු විලසට
අවසන් වෙයි කතන්දරය...

රිදීරේඛාව

අඳුරු වළාවන්
අප හට
ප්‍රේමයේ ගුලි ගැහීමට
ඉඩ ලබාදුන් අතර
එකම රිදී රේඛාව
එයට
බාධාවක් විය!

December 27, 2010

කුලියට ගත් හදවත

සමහරක් දේපල
හුඟක් කල් ගිය කළ
අයිතිකරු ඉල්ලුවද
අයිති වෙයි භුක්තියට

@ park

දෙන්නද එය අතගාන්න
හරිම ලොකුයි මේ බලන්න
එහෙම කියලා මී නැට්ටක්
ඇද දුන්නා මට බලන්න

වංචාවට එදිරිව

හයිකුවක්
එහෙමෙහෙ කර
පද පෙල ගැලපුවට
නුඹ හිතන්නේ
මේ කවි කියවන්නේ
බූරුවෝ කියලද ?

අහංකාර සුලඟ

සුලඟ අද නම්
අහංකාරයි
ඇගෙන් කිසිවක්
අරන් පාටයි

December 26, 2010

වෙනස

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

ඩ්‍රැයිවර් මහත්තයා

හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා
යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා
තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා
හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා

මගේ පිටේ
කරඬුව
වැන්ද එකා
අපෙ පොඩි එකා
පුපුරවල
මරලා
අපෙ නෑ වෙන්න
පව් කරලා

නුඹ

කවදාවත් නොදුටු
කවදාවත් නොඇසු
මගේ දිවියේ
නොලියු කවිය නුඹ

December 25, 2010

පඬුරු

තුට්ටුවක
ගැට ගසයි
කෝටියක
බලාපොරොත්තු

ආදරය

නිමක් නැති
ඉමක් නැති
තෙරක් නැති
මහ සයුර...

බඳුන් දනී
උවමනා තරම් පිරෙන්නට.
ජලය නොදනී
අපතේ නොයා රැකෙන්නට!

ඇය දුරු රටකට ඊයේ රෑ පිට වුනාය

ගුවන් තොටිල්ලේ
ඔබ සැතපෙනවද
වළාපොකුරු පත්
පවන් සලනවද

December 24, 2010

රේල් පීලි දෙකක කතාව

සිල්පර කොට
හරහට
එක් වෙන්න නොදී
අප හට

කඩදාසි බෝට්ටුව.

වැහැලා 
පඩිය වැහෙනකම් වතුර ගැලුවාම 
බෝට්ටුවක් හදාගෙන 
ඔයාව බලන්න මම එන්න හිටියෙ
පස්සෙ වැස්ස නැවතුනා.

දඩ

ඔබ
ට්‍රැෆික් පොලිස්
හතරමං හන්දිවල හැංගී
පාරට පැන
මටම
දඩ කොළ ලියන.

පසලොස්වක..

සඳ
බඩින්
තරු අසබඩ!

December 23, 2010

වැරැද්ද..

ඇගෙ රුව
ඇගෙ හිත
මෙහෙණිය.,
මා කොහිද..?

තනිකම

නුඹ ඇගේ සෙවන ලඟ 
ජිවිතේ සුව විදින සඳ
මගේ කඳුළු පිසලන්න
මට මාත් අහිමි විය

පැරදුනු පෙම්වතියගේ කවිය

නරුම හියුමනු
තොපට යහපති
දුන් පතේ පහරා
ලොවට කීවට

"ඒකිට මම දුන්නා ගේම"

බිම්මල

වළ දැමූ අතීතෙක
දිරා ගිය හීනයක
පිපුණු බිම්මලක් වෙමි
හිරු සමඟ සිනාසෙන

December 22, 2010

උමතු

මල් සිප
න‍ටුව ළඟ
වැළැපෙන
උමතු බබරිදු
මම
විරිත්තා බුරති
බල්ලො
පුන් සඳට

සිඟති
කොල්ලො
බල්ලන් බිරූ

පුන් සඳම...!!

රාත්‍රිය..

නුඹ
ඩබල් ඇඳක් මත
සිංගල් සිහින දකින

මම
කඩදාසි කෑලි මත
ජීවිතය ක‍ටු ගාන....
සුදු සමනලය
වේශ නිරූපණ ශිල්පියා
මග හැරුණු
රංගධරයා

December 21, 2010

වෙනස..

පෙම් බඳින තුරු හදේ
හිත නාපු කවි වදන්
විරහවේ කඳුලු ලඟ
ගලා එන අපූරුව.......!!

ආදරය...

ටොපියක් වැනි
සූප්පපු එකෙකු මිස
රස දන්නා
කෙනෙකු නැති

ඩොලර් කපුටා

රට ගැන හිතපු උන්
රට ගියා
බඩ ගැන හිතපු උන්ට
බඩ ගියා

නිසල

උමතු වී හැමූ
කුණාටුව මැද
නිසලවී හිඳි 

පිහාටුව මම

December 20, 2010

දෙවන (ප්‍රේමය)

කන්ද උඩින්
හිරු නැගුනත්
තණපත් යට
තවම අඳුර.....

හදවත.

මේක ඔයා තියාගන්න..
ආදරයෙන් බලාගන්න..
සංසාරෙම ලගින් ඉන්න.....
හදේ ඉඩක් මටත් දෙන්න..

නුඹ දුරයි..

විසිරිලා ගිය සිතුම් අභියස
තනිවෙලා සිත‍ බොහෝකල්
හඬ හඬා තව ඉන්නෙ කොහොමද
නුඹ දුරයි මට කල්පයක්...
බිජු රැක්කම
පැටව්
සිල් රැක්කම
නිවන්

December 19, 2010

අ ර - ලි ය ..

සුළඟ වැදි ලතාවට නැලව...
හුස්ම අදිමින් බිමට බට
මල...

ගැස්සුනි !

පෙති තලා නොතලා
රළු බිම වැද
පණ නළ හැර....

ආදරය

​දෙනෙත් රවටන
මිරිඟුවක්
මිස
දෙනෙත් සනසන
ප්‍රිය දසුනක්
නම් නොවේ....

ස්පර්ශය

230 වැදුනා වගේ
හිත ගැස්සිලා
හැරිලා බැලුවම
ඒ උඹ

කදෝපැණි

එකම එක මොහොතකට දුවඇවිත්  
හිත කොනක හාදුවක් තවරාන
යළිත් ආ සැනින් මේ සැඟව යන  
කදෝපැණි නුඹයි කළුවර සිතට..!

December 18, 2010

රැල්ල..

ඔන්න දැන් ළඟයි
වරෙන් ඉක්මනට

කෙළියා නේද ගලේම
අයියෝ තිබ්බ එකත් නෑ
හ්ම්ම්.. දැන්වත් යමු පිටිපස්සට

චෝදනාව

ඇල්ලුවා විතරයි
දැක්කෙත් නෑ
කොහොමද කියන්නේ
මම කැඩුව
සිල් පදය
ඒක බව..?
සිත් ගැබ ගැඹුරුද ඔතරම් 
මා දවන තරම්
මා සිත පවනු රොදකට වුව 
සැලෙන තරම්
නුඹ නොදනී මා හඩන තරම්....
අඩවන් දෑසින්- අභිඥා මුද්‍රාවෙන්
දෑඟිලි බැඳන්- වඩන විට බවුන්
කූඹියෙකු ළඟට වුව ඇදී එන
පුංචි පුංචි සීනි කැට
විමුක්තිය පිණිස

December 17, 2010

ප්‍රත්‍යක්ෂ ඇසුරින්

ගමම බයයි
අයියට
අයියා බයයි
ගෑණිට
එමනිසා

ගමම බයයි ගෑණිට

නුඹ...

හද ඇල්ල
හිස් කරන
පෙම් බැන්ද
පෑවිල්ල.................
හස්තියෙකුගේ දෙපා
ණයට ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.

අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.

හීන

හීන නොදකින නුඹත්
හීනම දකින මමත්
කෙසේද හමුවෙන්නේ
හීනෙන් වත්?

December 16, 2010

කංජි

කියවන විට පොතක්
දුටුවා මැද ඇති රොඩ්ඩක්
ගැසුවත් වන්නට ඉවත්
නැත හෙලවුනේ පොඩ්ඩක්
එබී බැලුවත් සුට්ටක්
නොතේරුනේ ඇයි ඩිංගක්
නැවත බැලුවිට ක්රමවත්
දුටුවේ බොඳ වූ ජපන් අකුරක්..!!!

අපේ ආදරය සහ ඌ

source code එකේ..
error එක හොයා ගන්නකොටම,
virus attack එකක්..

නුඹේ ආදරේ..

නු‍ඹේ ආදරේ හරියට
මරියානා ආගාධෙ ඉදලා
දිව්‍ය ලෝකෙට ගිය 
රොකට් එකක් වගේ...
පාරදෘශ්‍ය
පාර අදෘශ්‍ය
විමුක්තිකාමියෝ
සිත මිස කය නැති බඹ ලොව!

December 15, 2010

කාන්තාව කැටුව යන බල්ලා..

කටු කෑවට අද
මට තියන ඉල්ලුම
එදා...
ගල් ගහපු
කොල්ලොත්
චොකල්ට් දෙන්න
හදනවා නෙ මට
පෙන්නන්ට ඔනි
මගෙ උජාරුව...!!

ගුරුපාර

තුනී සාරිය
දවටා හිණට
නටවා හලන
හෙලු ගී පද

අරුම

සිත් පව්ව
මත පතිතව
මුල් ඇදූ
අරුම නුඹ!!

December 14, 2010

මම..?

වැරදි පිරුනු
නුඹේ පොතේ
රතු පාටට
වැටුනු එකම
තනි වූ
හරි ලකුණද
මම..?

පසුවදන

බතී...,
මං අරවින්ද
ශාජහන් ගැන තාම හදාරණ...

රාජකාරි..

බොරු වැඩ
රූකඩ
කඩාදමමුද





නූල
සිල් මිදුනම
දිය නොවෙන්න
හෙමින් සක්මන
උවැසිය

December 13, 2010

සඳ තරණය

නීල් ආම්ස්ට්‍රොන්ග්
පැරැද්දුවා මම
එකම එක
දුම් උගුරකින්

ආදරය...

රස විදින්නන්ට මීවිතක් වූ
සැනසෙන්නන් හට සැනසීමක් වූ
විදවන්නන් හට වේදනාවක් වූ
ආදරය...

නමිනි කවි "මිනි"

ඇමිණි සිත එහි නමිනි
දැනිණි සැනෙකින්මැ පැමිණි
එ"මිනි" කවි සිතුමිණි
නමිනි දෙන මේ කවි මිණි

ඇණ

පැන
ගිය හීන
අල්ලා
රාමුකොට
හිත් බිතු
සැරසීමට
නුඹෙන්
මට
...!!

December 12, 2010

දන්නවා නම්..

එන නොඑන බව
කියා නොගියෙන්
බලා සිටියෙමි
මඟ අදත් මං..

එහෙම වූ විට
දැනෙන දුක ගැන
ඇත්තටම නුඹ
දන්නවා නම්..

වෙන්වීම

හුදෙකලාව විරහ ගීයක්
ආදරේ සමුරායි කඩුවක්

සොයාදෙන්න

හිල් වුණු හදවතෙන්
රුධිරයට මිනිස්කම
වෑහෙන මිනිස්සු
කැඳත් නැති
කෑඳැත්තෙක්
අඹත් නැති
අඹරොරෙ

December 11, 2010

අවංකකම

රන්මුතු
ඔබ්බවා හැදූ
උඩු සාක්කුවෙ
හිලක් ඇති
රජ ඇඳුම...!!

වියළි පොළව

මළානිකව ​පැලිල තිබුන
පොළව උඩි
ආදරය කියන දිය බදුන තියද්දි
නිකමටවත් නුඹට
දැ​නුනේ නැද්ද
ඒ වතුර නුඹටත් හොරා
පොළවට උරා ගන්න බව

බර කල්පනාවක

කිව්ව විදිහට මෝය කට ළඟ
බලන් හිටියත් එන තුරා ගඟ
කිසිම දවසක නැති ලෙසින් අද
සයුර මහ බර කල්පනාවක...

තරු පෙනීම

ඉර තියෙන්නෙ
පේන්න..
තරු තියෙන්නෙත්
පේන්න...

December 10, 2010

ආදරේ

එක එක වෙලාවට
එක එක රහයි

කෑවට පස්සේ
හරිම ඇඹුලයි

යථාර්තය

කිසිවෙකුත් නුදුටු,
නුඹ පමණක්ම දුටු...
මා සිත පීදුණු කුළුඳුල් පෙම් මල,
නුඹ අත පැන් වැඩූ පෝරුව පාමුළ..
පුන්කළසක් ළඟ,
පරව ගියා....
සෙනහස් උණුහුමකින්
වෙලුණු දෙකොපුල්
දැවෙන කඳුලැලි
උරුම කොටගෙන
තනි තනිය මකා
මතක ගිනි අවුලයි
ප්‍රාර්ථනා හිරු කඳු නගියි
මිහිදුම් වලා මං පහරයි
අසංඛෙයිය සක්වල
සැරිසරා වියපත්
ආදි අජටාකාශගාමියො
තාරකා ඉබ්බො!

December 9, 2010

හීන

හිත් මැදුරෙ
බින්න බහින
ද්වි මාන
ගන්ධබ්භ රූප
කයක්
හිඟමින්
ඉගිලෙන..!!!

අනන්තයට යන මම

අපි අත් අල්ලාගෙන
ඈත අනන්තය දිහා බලාගෙන
හෙමිහිට අවිදන් ගිහින්
එකමාරටම
මං හැරිල බලද්දි
ඔයා වෙන අතක් අල්ලගෙන
සුරංගනා ලෝකෙකට යනවා

දැන දැන සිඹීම

ගෙල බදාගෙන
අඬන වේගෙට
නාය යන බැව්
හොඳින් දැන දැන

ගැහි ගැහී එන
වැහි වලාකුළු
තුරුළු කරගෙන
සිඹින කඳු ගැට..

දත ගැලවුන බැටළුවා.

ලේනෝ ලේනෝ
මේ දත අරගෙන
වෘක හමක් මට
දියෝ...

December 8, 2010

අමාවක සඳ

නොඑන බව දැන දැනම
නිවී නිවී දිලෙයි තරු
තවමත්...

අසම්මතය

ඈ මගේ...
ඒත්, මා උඹේ,
උඹ කාගෙද කියලා
මං තාම හොයනවා..
හැබැයි තුන් තිස් පැයේ මොර දෙන මූ නම්,
අරූ ගේ කියලා රට්ටු කියනවා.

විවාහ

විවාහ ව්‍යාපෘතිය අවසානයි.
දිගත් නැති පලලත් නැති
මෙලෝ රහක් නැතිහ
ව්‍යාපෘති විවාහයට අවසරයි.
ඇනුණු කටු
පැළැඳ
වල් ඉත්තෑවෙක්!

December 7, 2010

රතු මල

රතුපාට ලස්සනට පිපිල තිබුණ
මලක් අරගෙන ආවම
මාව ඔයාගෙ කරගන්නව කියපු නිසා
මං මාවම අමතක කරල
දුවල ගිහින් අරන් ආපු මල
ඔයා වෙන කෙනෙක්ට දීලා....

ආසියාවේ ආශ්චර්යය

රට්ටුන්ට
සිරගෙයකි
නොරටුන්ට
කෙළි බිමකි

ගැහැණු

පටුන
බලති..
පිටු
නොබලති...

නොගැලපීම

වට්ටක්කා
සමග
බෝල්ට් ඇණ

December 6, 2010

(අන්)සතුවීම

මගේ සිත තවමත්
ඇගේ දෙතොල උඩ

ඒ තොල් පෙති දැන්
වෙන කෙනෙකුන් ළඟ

තනිකඩ මං

මම බලාන උන්නා කනතුරු,
ඒත්....,
ඇම දාලා තියෙන්නෙ ගොළු මුහුදට...

මට තනි හින්දා

මැයි ගහ යට පාලුවෙ
මම හිටියේ
නුඹ එනතුරු නිකමට 
මල් ගැන්නේ
මට තනි හන්දනේ 
මල් සුවදට ඉඩ දුන්නේ
ඒ බව දැනිලා නුඹ 
තරහින්දො ඉන්නේ
පමා වී මල් වත්තට
රිංගූ ජෝඩුව
කාටත් පේන තැනක හිඳ ගෙන
නොරිස්සුමෙන් වටපිට බලමින
"ලැජ්ජාවක් නැහැ කිසි
මේ පඳුරු අස්සේ ඉන්නවුන් හට"
මුමුණයි සිහින් හඩින්

December 5, 2010

නිදි වැදීම

රට කරන මහ පිරිස
සිර කරති සිසු පිරිස
නිදි වැදුණු පොදු පිරිස
තව දකිති මරු සිහින

තනපට

වළා තනපට
ලිහාගත් සඳ
බැබලි බැබලි
පැනපි එළියට. . .

ස්ව රූප

මෙරු බුදින
ගෙම්බෙක්
(දැකලා ලොකු කටක්)
පැන්නා
වතුරට
ජබොක් !

වැස්ස.

නිවාඩු දවසේ
අගයන...
වැඩ දවසට
පලු යන්න
බණින..

December 4, 2010

සයුර රළ හා වෙරළ


“ඔයත් හරියට මේ රළ වගේමයි
වෙරළටමයි ඇදෙන්නේ”  ---සයුර
“රැ‍‍‍දෙන්න බැහැ සයුරෙම
ඉර එළියේ එයා ගිනිගන්නවා”  --රළ
“සයුර රළ නුඹේමැයි
රළ මට අස්වැසිල්ලක් නම් තමයි”  --වෙරළ


බලු වැඩ උපතින් කරන බලු හාමි
උසාවිය ළඟ ද උඩු බුරන
බලු අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන
සේ පෙනෙන...

පර්දාව

ආදරයේ දුහුල් පට
සිරකර තැනූ
කළුපාට ඝන රෙද්ද

නුඹ සහ මම

නුඹ, කාලාවරෝධය ඉක්ම ගිය..
චෙක්පතක් විය,
මම එහි ආදායකයා වූ සඳ..!

December 3, 2010

විහාරමහාදේවී Park

අන්න පෙම්වත
ගාඩ්වරු එති
වහා සඟවනු
මැනවි බර අවි. . .

නුඹ

කිසිම දවසක
හැබෑ නොවෙනා
සොදුරු සිහිනයක
බොද වෙලා ගිය
පිටු අතර රැදි
පැහැදිලි පබැදුමකි නුඹ.......

දුරින් සිට

අහස ඇවිදින්
ගතු කියාගෙන
ඈ මගෙන්
උදුරාන ගෙන ගොස්
අත පොවන්නට
නොහැකි දුරකින්
ඈ තබා ඇත
රැකවලෙහි තරු!

ගෙදර යන ගමන්

තරුවට බැරිද
තව එලිය දෙන්න
ගෙදරට තව
හූවයි...

December 2, 2010

කවුලුව

ඇයිබලා ඉන්නෙ
පායන්නේ නැහැ 
අද අමාවක....

පියඹ

වියළි අහසට
දොස් කියත
කුරුලු පරපුර
නෙත් අයා
උල් කර
තුඩග
බැන වදිත
නැති කමට
ආදර වැහි
පියඹගේ දිය නෑමට...............

මගේ මල

ඈ මගේ මලයි
අත වැනුවේ ඌටයි
ඇහැ ගැහුවේ මූටයි
හිමිකාරයා අරූයි!

කලට සපැමිණි.

මිණි
නොනිමි
ඇමුණු මිණි
කලට සපැමිණි

හත්වලාමයි

පත් ඉරු පුරා අකුරු කළ..
කුළුඳුල් පෙම් කව,
විරහ කවක් වුණු වගයි..
උඹේ සංස්කරණයෙන්..!

December 1, 2010

ආදරය

වැහි බිංදුවක්
මහපොළව සිප
සි
නා
වි
රු
අපි වගේ

පිස්සුද? හැටිද?

ලැබුණු ආදරේ
පසු පස තියාන
මගේ පස්සෙන් ම එන්න
තිට පිස්සු ද
ගෑණියේ
ම වැනි නරුමයෙක්ගෙන්
ආදරේ
හිඟන්න..?

යථාර්තය

කිසිවෙකුත් නුදුටු,
නුඹ පමණක්ම දුටු...
මා සිත පීදුණු කුළුඳුල් පෙම් මල,
නුඹ අත පැන් වැඩූ පෝරුව පාමුළ..
පුන්කළසක් ළඟ,
පරව ගියා....

නුඹ මම

අහම්බෙන් ඇවිත්
නොකියාම ගිය
මුදු සුළඟ
නුඹ

නුඹ නිසා සසල
වී තවත් හඬන
නුග රුකයි
මම

මම

සඳ එළියෙන් සනහනු ලැබූ..
උදූළ තරු කැටය මම,
සඳ බැස ගිය සඳ..
අඳුරට පෙම් බැඳි...

(නො)කී කව

විජිතයම කළුවරව..
මියෙන සඳ සීතලේ,
පායාපන් ගුරු තරුවේ...,
සොහොන ඉද්දර මගේ...

උඹේ පෙම..

අවිනිශ්චිත ගිණුමකට
මාරු කළ ශේෂයකි..
කොයි වෙලේ කොයි ලෙසක,
අහෝසි වනු දැයි නොදත්..

ඈ ගියදා..

හඳ පාන
ඇති රෑක
හිත ඇතුලේ
අමාවක...

කුකුස

පරවුනි ද
පින්න මල
ගිම්හානය ට
සමුදුන්
වසන්තයෙන් ආ
බඹරා
නැතිව......!

Tube light

ඇවිත් ගියා
දන්නෙම නැතුව
මටත් නොදැනීම..

November 30, 2010

වැඩ මුරය

සොඳුරිය‍ට වැඩ
ඇමතුම නෑ වැඩ
හිතේ ඇති ඉඩ
නෑ ඈ පුරවන්ඩ

මඟුල් තුලා

පළමු කෙල්ල අත හැරියම
ගෑණු එපායි කිව්ව කතා
එපා අම්මේ ගණං ගන්න
හොයපං මට ගෑණු යලිත්

කම්මැලියා

‍නින්ද රාජකාරියක් කොට ඇති විට
කොයින්ද මට වෙලාවක් ඇත්තට
කාර්යාලයේ රාජකාරියට යන්නට!

යන සොඳුරිය

සුවඳ රැගෙන යන සොඳුරිය
නොපෙනී යව යනෙන ලෙසක
ඔබට පෙම්ව බැඳි හදවත
රිදුම් දෙතියි සැකයකි මට!

ෆිට් සෙට් එක

කලින් කලට
පෙලින් පෙලට
විකසිත වන
ෆිට් සෙට් එක!

නිර්වාණය

වෙල් යායක් මැද
දුම් ගුලියක නැගී...
අත්පත් කරගත්
නිර්වාණය...

~ආරාධනා~

චුල්ල කවිය
මෙන්න මෙතන
එන්න හනික
කවි ලියන්න