July 30, 2012

මැරුණා නං....

හිතෙනවා මට
මැරිලා බලන්ට
කොමෙන්ටු වැටෙනා හැටි
මගේ බ්ලොග් එකට

July 25, 2012

බිළිඳු මුව

අදත් හරි හුරතල්
කිරී සිනා බේරෙයි
තොඳොල් වදනට 
හිනැහෙයි
වසර විසි ගණනකට පෙර 
 
ඔබ

July 23, 2012

අම්ල වැස්ස

ආසයි වස්සානයට තෙමෙන්න..
වැටෙද්දි වැහි වතුර...
ඒත් ඒ අම්ල වැස්සක්..
තුවාල වුනා මුලු ඇගම..
මගුලෙ තෙමෙන්නෙ ගිහිං

අමිල චතුරංග විසින් ලියන ලද්දක් ඔහුගේ අවසරය ඇතිව මිනි කවියට එව්වේ සුදු හංසී සොයුරිය විසින්..!  

July 20, 2012

සීලවතීලා

මැදිවියේ ගෑණු
කියවති ඕප
මරමින් මදුරු
කඩමින් උකුණු

July 18, 2012

අකීකරු සිත

මිරිඟුවට පෙම් බැන්ද
අකීකරු දැවෙන සිත
නිවා සනසවන්නට
නාඳුනන කෙම් බිමට
හැකිවේ ද යම් දිනක?

July 16, 2012

විවාහය යනු,

මානව කාමුක ආශාවන්,
සංස්කෘතියෙන්  ආවරණය කොට,
සික්ශිත සමාජයක් උදෙසා,
මානවයාට වගකීමක් ලබාදෙන,
ප්‍රසිද්ධ ලිංගික ආරාධනාවකි.
විවාහයට (නි)වැරදි අර්ථකතනයක්........

July 13, 2012

තරු කතාව

අමතකයි සදවතට
අහසෙ තරු තිබුනු බව
අමාවක් දා රෑක
ලොව එලිය කරපු බව

මේඝ සුරගනන් ලග
සැතපිලා සුව විදින
පුරා හද සුන්දරයි
නමුත්, තරු දුකින් අද

හැමදාම බැහැ ඉන්න
තරු කැකුල මිය යන්න
එලෙස කියු නමුත් හද
මිය ගිහින් දැනුත් මම

July 11, 2012

ශ්‍රද්ධාව

උනා ගත රැඳි
නුරා සළුපිලි
දරා ගත
ධවල සළුපිලි
පොහොය දිනයට
පිලිවෙතින් ඩමි

July 9, 2012

වෙන්වෙමින්

ළග නොමැති කල
අගෙයි නොම වෙද
ඔබ සැනසු පෙම ගෙන
පියාඹමි ඈතට

මතක මංසල ළග
නොහඩනු මගේ පෙම්වත
ඔබ නිසා තනිවුනද
නොසොයන් කොයිද මම

July 6, 2012

පුරසාරම්

මිලට ගෙන
දහස් ගනන් වටින
අවසරපත්
නරඹති
කුඩා දුරකතන තිරයෙන්
සංදර්ශන
ඇවිත් කියන්න
ලොවට ගියවග

July 5, 2012

සම්බුදු මාලිගාව

බලා සතර පෙර නිමිති
අතැර ගිය ප්‍රාසාද
යලි පුදා වදිනවලු
අපේ ගෞතම බුදු සමිදු