February 28, 2012

ඡන්දය

අපේ මුදල් අපිට කෙළින
අපි නොමදැන අපිම වඳින
අප හිස මත තියා හිඳින
පහෙන් පහට කල ගොංකම

February 27, 2012

එළි

ඔබ ගිය තැනක නොසිට
කණාමැදිරි එළියක් සේම
පුංචි එළි පත්තු කරන විට
මම කුමක් කියන්නද
සුපෙම්වත

February 26, 2012

අංගම

මගේ ජීවිතේට
උඹ පිම්බ හුස්ම නිසා
මම දැන්
full charge

February 25, 2012

කුරුළු පිහාටු සුප්

මටත් හොටක් ඒවිද
බීවොතින්
ඒ සුප්
කියව කුරුල්ලනි
ඔය හොට’ගින්ම

February 24, 2012

මතක

පරණ පොත්
පෙරලනා විට
පිටු අස්සෙන්
අහුවෙන
වේලිච්චි මල්

February 23, 2012

සුළඟ

නුඹත් මා පෙම්වතිය වැනිවී
නූමනා කල ළඟින් සිටිනා
ඇවැසි කල අස සේයාවකුදු නැති

February 22, 2012

නොගැලපෙන

ඒ අවන්හල
මා කෙහෙ‍රැලි කිතිකවන
කොපමණ කියන්නද
රවුම් මේස අපිට නොගැලපෙන බව

February 21, 2012

තීන්දුව

නිහඬතාවයෙන් පෙනී යන්නේ
යුෂ්මතා වරද පිළිගත් බවයි..!!!

නඩුකාරතුමා
අතවූ මිටියෙන්
මේසයට තට්ටුවක් දැම්මා..

නඩුකාරතුමාගේ තට්ටුවෙන් පෙනෙයන්නේ
ඔබතුමා මේගැන කිසිත් නොදන්නා බවයි..!

විත්ති කූඩුවේ දාරෙට
එහෙම හිතපු මම හෙමීට
තට්ටුවක් දැම්මා..

February 20, 2012

රළ

රළ නඟන එක් තැනක්
හැමදාම මතකයේ තබාගෙන
කඳුළක් වට්ටවමි

February 19, 2012

පිළිවෙළ

පරවෙනා හැම මලම
බිම වැටෙන්නට පෙරම
කඩනවා නම් හොඳද
හැඩි නොකර ගේ මිදුල

February 18, 2012

හදවතේ විදුලිය

නවතින්න හිතන විට
කඩා හැළෙයි කාන්තියක්
ඇස් පසාරු කළ
හදවතේ විදුලිය ඉතිරි කළ
අමුතුම කාන්තියක්

ඔබ කොහේවත් නැති
මට නැවතීමක්ද නැති

February 17, 2012

සෞඛ්‍ය

තලුමරමින්
අරක්කු
බුදියි සුදුළුණු
කට ගැස්ම

February 16, 2012

ප්‍රේම අංශු

ඔබ දිරා ගිය පත්‍රයක්
ඈත ගැඹුරු මුහුදක
අංශු ලෙස පතිත වුණ

February 15, 2012

හඳට බැනීම

උඩ බලාන බැන්නා හඳට
හඳට හොරන් පෙම් බැඳි මම
නැහැ සැලුනේ ඒ සඳවත
කෙල ගහගෙන මම මුහුණට

February 13, 2012

පෙම් සිත

මිහිමඬලේ ඉම සොයා
දුරට පියමන් කරන
පාට දේදුන්නක නැගි
හිරුට ඉනිමන් බඳින...
නුඹ දොඩන පෙම් කතා
හදවතේ පැල් බඳින
කළුවරට ආවඩා
ප්‍රේමයේ සැරිසරන...

February 12, 2012

අතීතය යළි නොඑන හිංදා

හද තද කොට
දෑතින් අල්ලා
දුකට සිනාසෙන්නෙමි
කඳුළු කැට උණු
නෙතට නුහුරු හින්දා.

February 11, 2012

සෙමට කෙමක්

වැස්සක් ඇවිල්ලා
වැස්සට තෙමිලා
කැස්සක් හැදිලා
කැස්ස වැඩි වෙලා

February 10, 2012

ඔන්න මං අඩනවා

මගේ හිතම රිද්දල
බිඳෙන් බිඳ
එක පිට ඇවිත්
ඇස්වලින්
කඳුළු කැට
පනින්නට හදනවා
දකිනවුන් දැකපුදෙන්
ඕනෙකක් හිතපුදෙන්
එහෙම නම්
ඔන්න මං අඩනවා

February 9, 2012

නික්මීම

අදිසි නිල් හරිත් වරුසාවක
අතරින්
ඡායාව නුඹෙ බොඳ වූ මීදුම් දුමාරයෙන්
හිනැහුනු
එහෙත් අද?
හිනැහිච්ච වස්සානය නැවතිලා....
ඇදහැලුනු අයුරින් ම
නොකියාම
ගිහින්.