February 28, 2011

වේදනාව in sudden

සමාවට කලින්
ප්‍රේමයට ඉහලින්
අපිටත් තිබුණා
කාලයක්
හිටපු එකට ම
වෙමින් මිතුරන්

එනතුරු

එක වරම එලිය දි
සඳුට නතු වි ගියද
බලාගෙන ඉදිමි මම
යලිත් එනතුරා ඔබ

February 27, 2011

එපා මට එපා

ආයෙමත් ඇවිත් නුඹ
රිද්දනවා හැම රැක
කළුවරම උරුම මට
එපා උඹේ සඳ එළිය

කුප්පි ලාම්පුව

මවයි එළි
සිනහ මල්
හිඳෙන තුරු
භූමි තෙල්

February 26, 2011

මුහුණට මුහුණ
සටනින්ද
පණ එපා කියා
දිවුමෙන්ද
ජය ගත හැක
ජීවිතය...!

සඳට බැඳි පෙම

සඳ හිනැහී තිබෙන සඳ
සඳෙන් ඔබව දකින සඳ
සඳට බැඳිපෙම සිහිවන සඳ
හදට සුසුමක් දී ගියා මගේ සඳ...

February 25, 2011

උඩ ගෙඩි

බිම වැටුණු ගෙඩි දෙති
ගෙඩි නැති ගහට
උඩගෙඩි
දැක
ගහක් උඩ ගෙඩි
කන්ද....
ගස් වලට වඩා උස්.
කන්ද මුදුනෙ ගස්
කන්දට වඩා උස්!

February 24, 2011

නොලැබීම

අහස කිසිදා ලං නොවෙනු ඇත
පොලව මත මල් පොකුරු පිපුනත්
නුඹව කිසිදා මගේ නොවනු ඇත
හින කොච්චර මැවුවත්

Tagging

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

February 23, 2011

වාදය

උඹ ජාති වාදියෙකි.....
මම ජාතික වාදියෙක්මි.
අප දෙදෙනා අතර ඇත්තේ
එකම එක "ක"යන්නක වෙනසක් පමණි..

මිණි කවි - කවි මිණි

මං ලියපු ගොඩක් කවි
පොතක් තුළ තියෙනවා
එකින් එක හෙමි හෙමින්
හෙට ඉදන් එවනවා

February 22, 2011

දොරක්...!
කොයිතරම් බලවත්ද
ලොවෙන් සැඟවිය හැකි
ලොවට හෙලිකල හැකි
ගෙයක් !

කල් ගෙවී...

මල් සුවඳ නවතන්න
දෝතකින් පුළුවන්ද?
කල්පයක් ගත වුනොත්
කඩුපුලක් නොපිපේද?
රැල් නැඟී ගලන ගඟ
නිදි දිනක් කවදාද ?
කල් ගෙවී සැඟවුණත්
නුඹ සිතෙන් ගිලිහෙයිද?

February 21, 2011

♠බෝක්කුව♠

එනවා යැයි
පොල්ල තිවු..
විට..

තනි නොතනියට
කකුල් කෙටිය
රිදෙනවිට..

පිහිට වූ
නුඹ..!!

සල්ලිද මනුස්සකමද

අපිට
රුපියලක් මදිවු විට
මනුස්සකමද
අපෙන්
රුපියලක් මදිවු විට
ඇනුම් පදද
සිහි වන්නේ
බස් කොන්දාටය....

February 20, 2011

මැහැල්ලක්
තරුණ මවක්
ළදරුවෙක්
නොබි‍ඳෙන
තුන් ඈඳුතු
පෙම් පුවතක්

ලයිසන්

ආදම්ට
මොකටද ලයිසන්
දෙයියන්ගෙ උයනේ
ගස් කපන්න

February 19, 2011

කංසා සුවඳමය..

කංසා සුවඳමය
පෙනහළු බර වැඩිය
දෙනුවන් අඩපණය
සිතුවිලි දිග වැඩිය..
අහසෙ ඉඩ මදිකොට
වලාකුළු ටික පනී කන්දට
කන්ද කරබාගෙන
කඳුළු ඇළි අතහරී පොළොවට!

February 18, 2011

නූතන ගම්වැසියා

මම ගමේ උන්ව
දැනං ඉන්න තිබුණ
අඩුගානෙ උන් හැමෝම
ෆේස්බුක් හිටිය නම්
කුරිරු
ඔහු
හා
නපුරු
ඇය
අතර
තැලෙන..
අහින්සක
ප්රෙමය..!!!

February 17, 2011

සදා මිතුරු

මිතුරු මධු බෝතලය
තුරුලු කර එක් අතින
කැටුව යමි Countryයට
මතක දියකෙරුමට

සුවඳ

දුර ඉඳන් එන පුරුදු සුවඳට
වසඟ වී සිත, දෙපා නැවතිණි
සුවඳ පමණයි...පවුරු අපමණ
සිහිව මොහොතක් හදම නැවතිණි

February 16, 2011

♪♪♪ තිත්ත මිදි...

තිත්ත යැයි මිදි ඒ නරියා කිව්වාට...
නැත මේ නරියාට හැඟුනේ එවැන්නක් එලෙසින...
එහෙත්...
පනින්නට හදන විට එම මිදි වල්ලට...
දැනුනෙමි නරි පැටියෙක් ලෙවකා ඇති සැටි දෙතුන්පළකින...
ඔබ ගැන
එක දවසක් දා
ඇතිවුණ පැහැදීම
ඉතිරි කා‍ලයේම
පශ්චාත්තාපයට
හේතු විය

February 15, 2011

සිත වල්මත්

ඔබ කොහොම හිතුවත්
ඇය තවම හිතවත්
ආදරය සිපගත්
සිත ඉතින් වල්මත්

සයොනාරාවනි,

බටහිර සුළඟට
ඔරොත්තුදේවි ද
උඹේ ඔය
සාම්ප්‍රදායික කිමෝනාව ?

February 14, 2011

වෙනස

මගේ ආදරය
MP3 කර එව්වාට
ඇසිය නොහැක ඔබට
ඔබේ හඳවත කියවන්නේ
MIDI ෆයිල විතරමය

ආදරය expired!

හිතුමතේ නිදහසේ
උඹ ආදරේ දක්වනකොට
හිතුණේ නෑ
ඒ ආදරේට
කල් ඉකුත්වන දිනයක්
ඇති බව...

February 13, 2011

මහ පවුරු වැනි
පෙර්ම අබියස
මගෙ පෙම වැලි
ගොඩක් පමණය..

අහස තරමට
පෙම් "කලද?" මම
නුඹට තව එය
"එකක්" පමණය..

ඇත්තමයි....සිතුවිලි

කෙනෙක් පැමිනෙයි
කෙනෙක් පිටවෙයි
කෙනෙක් තනිවෙයි
කෙනෙක් හමුවෙයි

February 12, 2011

පාළුව

නිතරම ළඟ ඇති
පාළුව නුඹ සකි
නුඹ නැති දිනයක
මගේ ලොව සැණකෙළි

ඔබේ ආදරේ...

හිතුණාම මගේ දිහාවට විසි කරන
අල්ල ගන්න හදනකොට ආයෙත් ඇදල මගෙන් අහකට ගන්න
ලස්සනම ලස්සන
යෝ-යෝ එකක් වගේ...

February 11, 2011

දෙමු සවන

සයිබරයේ අපි කවුරුත් කතාවෙන
ඉලංදාරි අයියාගේ කතාවට
සවන් යොමු කරමු කවියනි ඉක්මනට
කවියන් එක් වෙලා සවනත දෙමු ඔහුට

ඉර

පායා එන ඉර
බැස යන
බෙදා අඳින ඉර
මැකී නොයන

February 10, 2011

ඒ සැන්දෑවේ
රතු වලාකුළු
බටහිර අහස පිරෙන්නම...

ඔබ නැතුව
තනියෙන්ම
මං ඔහේ ඇවිදගෙන...

පාලු ගෙදර
දොර අරිද්දී
රතු වලාකුළක් ඇස්වල...
මෙරුවෝ
ඔච්චරම ලස්සනද?
ජීවිතය
බිලිගන්නට දඟලන
පහන් සිල

February 9, 2011

අමතක පාඩම

උගත් පාඩම
අමතක ව
කපුටු කැදැල්ලෙ ම
බිජුලාන
කොහෝහාමි

ඉනාව සහ හිනාව...

වසාගෙන මුව මඩල කළු වලාවක් ලෙස
දවාගෙන දිවියම අළු යට ගිනි පුපුරු ලෙස
වවාගෙන කන එවුන් පෙන්වයි සුර ලොවක් ලෙස
ඉනාව ඉවර උන දවසට හිනාවෙයන් පෙර ලෙස

February 8, 2011

තවත් වැස්සක

දියකඩිති මත පාවෙනා
මල් පියලි මේ හිනැහෙනා
අනේ දන්නේද
තවත් වැස්සක
දියබත්ව නුඹ සැඟවෙනා..!
කාටදෝ ආදරේ කරලා
කගේදෝ ආදරේ ලබලා
කාවදෝ මැරි කරලා
උඩ බලන් මැරිලා යන මගේ ජීවිතේ

February 7, 2011

පොකුණු ජලයෙන්
තම මුහුණ දුටු
තරහ ගිය කපුටෙක්.
"මේ ජරා කොකත් නැති තැනක් නෑ."

.....කඳුල නුඹ.....

ඔබගැන සෙනෙහස් මතකය රිදවයි
දෑසේ මේ හැටි කඳුලැලි ඒකයි

February 6, 2011

අර බලන්න අහස
පොළොවේ
මල් පරදවන්න
අහසෙත්
රෑ මල් පිපිලා

ඉක්මනට කතා කරපන්...

මං බලාන උන්නා
උඹ කතා කරයි කියලා....
ළඟට එනකොට ඈතට යන
පුපුරන ඇස් දෙක දිහා මං බලාන උන්නා
උඹ කතා කරයි කියලා
ඒත් තාමත් උඹ කතා කරයි කියලා
ඒත් තාම නෑ.....
පුළුවන් නම් ඉක්මනට කතා කරපන්
බලාන ඉදලම මට දැන් ඇතිවෙලා

February 5, 2011

ගිරා

මම
ගිරා පෝතක
ඔහේ දොඩවන
ඔබ ගැනම

♪♪♪ අවුරෝරා සිහිනය...

යන්නට ඇත්නම් මටත් අවුරෝරාවට...
හමුවන්න ග්ලැඩියා ඩැල්මරීව...
අල්ලාගෙන ඇගේ සුසිනිඳු දෑත...
ඇවිදින්නට නිරුවත් හිරු මඬල මත...

February 4, 2011

බොරුකාරි

උඹ බොරු කරන කොට
ඒවා මට අහු වෙන කොට
මං ඒවා අහන කොට
උඹට උත්තර නැති කොට
හීන් සීරුවේ මග හරින කොට
නොබැන තියේවිද මගේ කට
කෙම් බිමක මා
පිපාසව
කතර මැද ඔබ
සංසිඳී !

February 3, 2011

අඳුර ගැලුවත්...

අඳුර ගලා ඇවිත්
මගෙ කුටියට
ඒත්
හදවත දිලෙයි
ඔබ නිසා

බබාලා දකින ගෑණු

හානේ...
ලස්සන බබාලා
වඩාගනිති
කැත බබාලා
අඬති

February 2, 2011

(සෑබෑ) ආදරය...

දුටුවා සිනාවක් මින් පෙර නුදුටු...
පැතුවා ආදරයක් මින් පෙර නොලැබු...
ලැබුවා සෙනෙහසක් මින් පෙර නොවිදු...
පිදුවා ජිවිතයක් මින් පෙර නොපිදු...

අනංගයා

ලයික් දදා පස්සෙන් විත් මාරයි ඔබ කියාවි
වයස ගියත් පේන්නෙ නෑ සෙක්සි ලුකින් කියාවි
කොල්ලෙක් හිටියත් කම් නැත ආදරේද අසාවි
හඳුනාගෙන අනංගයන් ජීවත් වෙනු ප්‍රියාවි

February 1, 2011

♪♪♪ පෙම් බැඳි විභාගය

විභාගය කෙළවේයැයි බියෙන්...
ඇසුවෙමි විරාමයකට මාගේ සොඳුරියගෙන්...
අදි මදි කර කැමතිවූ ලෙසින්...
නැත සිතුවේ පැනයයි කියා මාගේ මිතුරත් සමඟින්...

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
බෙර ගසන්නට...
කොම්පියුටර් ඇත
ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
ළමයි හදන්නට...