September 29, 2014

සමනල් විය

ආදරෙන් දැන් බැලුවට
එදා පිළිකුල් කරපු දළඹුව
මමයි ළමයෝ.....

September 26, 2014

බැලුම් කවි

ඉරණම මගෙ පිපිරීමයි
ඒත් කඳුළු දැකුම දුකයි
එපා තවත් පුම්බන්නට
මාව චූටි දුවේ........

September 24, 2014

ව්‍යාධි

හැමදාම එක විදියට
ඉන්න බෑ චූටි මල
බලන්න දැනටමත්
අවපැහැගැන්වෙලා
තව ටික දවසකින්
නටුවෙනුත් වැටෙයි

September 22, 2014

අමාවක

තාරුකී මං හෙට ඕෆ්
වැඩක් ආවොත්
පොඩ්ඩක් බලනවද?

September 19, 2014

විප්පයෝගෝ

සිඳී ගිය පසු
සිතේ වෙර බල
මලෙත් නටුවෙත්
බිඳුණි අත්වැල....

September 17, 2014

රැකීම

අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වී කරල අරගෙන
බොහෝ දුර ගොස්
මාල ගිරවා.......

September 15, 2014

බාදුරා ඇරයුම

සබඳ බඹර,
පියාසැරියෙන් වෙහෙසවීද
එන්න
මේ මධු බී
ගිම් නිවාගන්න...

September 12, 2014

බස් තොරණ

දෙවිවරුන් මැද 
බුදුරදුන් වැඩ
විහිදුවති රැස් 
නිවී දැල්වෙන.....

September 10, 2014

විත

අඩක් පුරවා
රාගයෙන්
සැන්ඩි කළෙමි
ඉතිරි අඩ
ආදරයෙන්.....

September 8, 2014

මතට තිත

තිතක් මතට
තියනු කෙලෙසද..
මගේ සිහිනෙට
ඔබ එබෙනු සඳ..

September 5, 2014

නුඹ

නිසල
සිත් විල
සසල කල
ගල් කැටය

September 3, 2014

අනිත්‍ය

නැති විට වැට හෙන
ඇති විට වැට නොහැන
ජිවිත්යේ සදාතනික සත්‍ය.

September 1, 2014

අතීතය

රජෙක් විලසින්
එදා රැකි ඒ
කරල් බරවූ අතීතය
තාම මතකද
පුරන් කුඹුරේ
සුසුම් හෙලනා
වළන් මූණෝ
උඹට