January 31, 2014

ආවර්තනිකතාව

එයා..
ඔයා..
මෙයා..
ඒයි..
තමුසේ..
තෝ..
බැල්ලි..
.
.
.
.
එයා..

January 29, 2014

අවසානයට නිමාවක්....

ගෙවෙන අවසානයට පෙර එක් මොහොතක්
හිනාවෙන රෝස කම්මුල් වලින් එක් අරමුණක්
දියාරු වෙන දින ගණන් වලට දුන් විරාමයක්
හදවතින් ගතු කියන එකම එක ප‍්‍රාර්ථනා සිහිනයක්
පුරන්නෙමි හදවතින්ම ඔය විඩාබර අවසානයට නිමාවක්...,
හදවතින්ම......

January 27, 2014

කියා දෙන්න මට

ඇද වෙච්ච අකුරු
වලින්..
හැඩ වෙච්ච ඔය
දැස..
කැටයම් කරන්නෙ
කොහොම
මම...!

January 24, 2014

එකඟතාවය

මට තරහ,
මගෙ එක්ක...
ඔයාටත් තරහ..
මා එක්ක..
අපි දෙන්න
එකඟ වුනේ
ඒක එක්ක..

January 22, 2014

රතුවුණ ඇස්

හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---- රතු වුණේ මගේ ඇස් --

January 20, 2014

කඩදාසි මල්...

කවි ලියපු කොලය හරි රටාවක නවනවා
තවත් එක මලක් මම අදත් රෑ හදනවා
හදන හැම මලම කඩ දාසි බව හිතනවා
වුණත්, ඉන් නුඹෙ සුවඳ හැමදාම හමනවා

January 17, 2014

දෙකේ දුර

Shift එක නැතිව
නම් “ එ“ යා.....
Shift එක එක්ක
නම් “ ඔ“ යා.....
....
යුනිකේත දන්නවනම්..
ඒ දෙකේ දුර..

January 16, 2014

අපේ ගැන

කවරු හරි ලියනවා නම් ඉතින් මගේ ගැන
ඈ සොයා ගෙන ගොසින් පතුලටම හෙමින් කැන
කලුපාට අඳුර කොණ අත ගගා හෙමින් ඇන
ගලන දුක්බර පෙමින්, අපේ ගැන ලියනු මැන

January 15, 2014

මල @)$%^&*(

මැටි ගොඩක් ඉදිරියේ
වියලෙන්ට පෙර
පර වෙයන් මල

January 13, 2014

මාව හරි හැටි තාම අඳුරා
ගන්න බැරි බව දැනෙයි ඉඳුරා
ඒ නිසා ඇය මගෙන් උදුරා
ගන්නෙපා මම ඇගේ කිඳුරා

January 10, 2014

මම ඇයට ආදරේ
බව හොඳට දැන දැනත්
ඇයට කවි ලියන එක
හොඳද මේ වෙන අයත්
ඇගෙ හිතේ ආදරේ
මගෙ නමට නැති වුණත්
දැන ගනින් නුඹටමයි
මගෙ කවිය, හෙට මළත් !

January 8, 2014

නාට්ටාමිගේ ආර්ථික විශ්ලේෂණය

ඉස්සර
පාංගෙඩියක් ගත්තා
කර ගසා එක මුට්ටයක්
ඒත් දැන්
ගන්නට පාංගෙඩියක්
කරගැසිය යුතු වේ මුට්ට දහයක්

January 6, 2014

හදුනා ගතිමි...

එකක් හැර සියළුම දේ
හදුනා ගතිමි...
එනමුදු..., 
හදුනා ගැනිමට නොහැකි වු එකම දෙය
නුඹේ ආදරයයි...

@ තවම සොයමින්.....

January 3, 2014

වාරු නෑ...

මොහොතින් මොහොත සිතුවෙමි
සිතන්නට දෙයක් සොයමින්
ඇවිදයන්නට කාලය හරහා...
පය වාරු නෑ මොහොතකට නැවතී
ගත කරමි මගෙම සොහොන ලඟ,
හැරයන හුස්ම පොද වඳිමින්.....

January 1, 2014

දිය බිදුව සහ ආදරය.....

හිරි වදින හීන් පෙති අතර
පුංචිම පුංචි දිය බිඳුව බර නෑ
සීතලයි..නැවුම් පෙති මතට... 
හාදු දුන් දිය බිඳුව..,
මියෙන බව දැන දැනත් 
පෙම් කරමි නුඹට මම
නුඹෙ ආදර රෝස පෙති සුබුල....
තනි මකන්නම් හිරු කුමරු එනකන්ම මම......