November 24, 2016

උරුම නැති නුඹ

නුඹත්..
අපේ පාලු මහ ගෙදර වගේ..
නවතින්න හිතයි..
උරුමය මට  නැති...

November 5, 2016

පියුරු

පියුරු නුබ...
සිගිරියේදි කලාත්මකය
මවු තුරුලේ සෙනෙහෙබරය
නිදි යහනේ කාමුකය..

July 13, 2016

මුහුනු පොතේ පිටු අතරින්
හොයාගත්තු ඔයාව..
මුහුනු පොතේ පිටු අතරම
සැගව ගියේ ඇයිද

July 11, 2016

කියන්න මා හට
අමතක උනි
සිහිනෙන් ආ බව
ලගට ඔයා...
ඇවිදින් ගියෙ
ඇයි
ආපසු නොබලා..
කියන්න ඇයි

ආදරෙයි නෙ
තාමත් :\

July 8, 2016

හිතට ආ
කවිය
අමතක වුනේ
ඇයිද :\
ඇගෙ කටහඩ ඇසුනු
සැනින් :(

July 6, 2016

සොඳුර
ඔබ පැවසූ පරිද්දෙන්ම
මේ ලොව වඩා සුන්දරය
ඔබ සුවඳ තැවරූ බොහෝ තැන්වල
සිනාසී මල් පිබිදිණ

July 4, 2016

මකන කැබැල්ලක කව

මකා දැමුවෙමි
පැන්සලෙන් ඔබ ලිව්ව
තනිකමේ අකුරු පෙළ..

අන්තිමට
කළුවී
ගෙවී
පැත්තකට විසිවෙන එක
හින්දමයි මේ තරම් දුක..

July 1, 2016

.....ම්තුරු වූ පෙම.....

දොඩමලු දෙනෙත් පවසයි හොරෙන්
ඇත මට යමක් කීමට සෙමෙන්
එනමුදු හැගුම් සසල යි සැලෙ යි
මා ඹබ වුවත් ඹබ මා නොවෙ යි

මදහස නැගෙයි දෙතොලග රැදෙ යි
නෙතු මායාමෙන් ඈතට ඇදෙ යි
සිතුවිලි කෙමෙන් හදවත පෙළෙ යි
එනමුදු දෙනෙත ඹබ අබිමුව යි

June 29, 2016

..............පෙම්වතුන්............

චන්ඩ හිරු රැස
දව යි ගහ කොළ මහ පොළව
නිහඩයි... නිසංසල යි

චන්ඩ මාරුතය
කළඔයි ගත සිත ගහ කොළ
නිහඩයි... නිසංසල යි

සැරිසරයි කළතයි කළඔයි
නිහඩයි.. නිසලයි..

දෙනෙත් තුල දෙනෙත්
දොඩමලුයි..
හැගුම්බරයි..

June 27, 2016

..........ඡීවිතය...........

කදුලු අහුරක
හිනා පොකුරක
සැබෑ අර්ථය
කුමක් දෝ..

වැයෙන ගීයක
ඇසෙන කවියක
සැබෑ රිද්මය
කොහේ දෝ..

පිපෙන කුසුමක
නැගෙන සුවදක
රැදුණු මතකය
ඹබේ දෝ..

මිහිරි ගීයක
මිහිර අතරෙත්
වැයෙන්නේ නුඔ
නොවේ දෝ..

June 24, 2016

............ ඇරයුම ...............

මහ මෙර තරමට
හිත බර වැඩි මුත්
යා යුතු මග නම් බෝම දුරයි
කරදර බාධක
මග රැක සිටිනා
කටු කොහොලින් යුතු මග කටුකයි
ඡීවන ගමනේ
දුක සැප අබිමුව
නොසැලෙන මනසක මුදු සෙවණයි
ඇරබුම කොනැනද
අවසන කොනැනද
මේ දිවි ගමනේ අරැත සොයයි...

June 22, 2016

.............බලාපොරොත්තුව...........

දෙනෙතක ‍බොදවුණු
කදුලක සැගවුණූ
බලාපොරොත්තුව දෝත දරා
ආසිරි පවනැල්
සීත සුළං රැල්
අතරින් ගමනේ වෙහෙස නිවා
සිනහව සුපිපුණු
සිහින වලාවක
පාවී පාවී පියා සලා
ඡීවන උයනේ
ව්ල් තෙර හිනැහෙන
කුසුමක සුවදක් ඇදෙමු සොයා..

April 28, 2016

දිනෙක මම සමු ගත් විට
නෙත් යහනාවෙන් නොව
නුඹේ මුලු හදවතින්ම
නෙතෙඟෙ කඳුළැලි
එපා මවන්නට

April 26, 2016

ඈත අහසෙ තනි තරුව මම. පුර හඳ නුඹ..
ලොවක් එළිය කල.. හිරු කිරණ නුඹ..
ඒ හිරු කිරණින් පිබිදුනු නිදිකුම්බා මල මම..

April 22, 2016

සුදු මල් මිටක්
මගේ ලග තියා
ඔබ යන්න ආපසු
නොබලාම
මා දෙස

April 6, 2016

පුනරාගමනය

ගොර බිරම් රළ බිඳෙන
ඒ වුණත් හිත නිවෙන
හෝ ගාන පොකුණ අස

බොහෝ කලකට ඉහත
හැර දමා පිය මැන්න
ඔය කොළඹ කළු අහස

යළි නොයෙන්නට පැතුව
ඇන්ටෙනාවෙන් වැසුණ
කොන්ක්‍රීට් වන අරණ

දමා යන්නට කිසිත්
ඉතිරි වී නැති කලෙක
හැරදමා පියමැන්න
විඩාපත් එපුරවර....

*************

ඈත ගම් පියස්සෙක
උලලේනි හඬන රෑ
හඳ එළියෙ නැහැවෙමින්

නුඹේ සෙනෙහස් ගඟේ
කිමිදෙන්න වරම් නැති
මූසලම මේ රැයේ

අනාගතයක සිහින
යළිත් මම දකින්නෙමි
ආයෙමත් රැඳෙන්නට
කොළඹ කළු අහස යට....

February 29, 2016

ඉස්පිලි පාපිලි
කොමාවන් ළග
මතක තිත අග්ගිස්සෙ
කෙළෙවර
'විස්මයාර්ථය' !!
ඉතිරිවී ඇත.

February 26, 2016

මතක පොත්වල;
ඉස්පිලි පාපිලි
කොමාවන් ළග
මතක තිත අග්ගිස්සෙ
කෙළෙවර
'විස්මයාර්ථය' !!
ඉතිරිවී ඇත.

February 23, 2016

කට්ට කළුවර;
සිනිදු සිරිපොද වැස්ස
කියන්නේ හදවතට
සියුම් කැපුමක්
දායාද දෙන
වචන..

February 15, 2016

නටුවෙ කට්ටක්
තිබ්බ පලියට
නපුරුකම් නැත
රෝස මල් ළඟ
සනුහරෙ ඇති
කිසිදු මලකට

February 12, 2016

ලොලීටා

ඇගිලි තුඩු අගින් රහසින්
පිරිමදිනු මැන මා හිස
අකුනු සැරයක් ව එකවිට
පතිත වනු මා කොපුලට
ලොලීටා
උස් සිහින් නිතඹට
පුලුල් මෘදු උකුලට
සංයමය නැති එකයි හොද
සයනයක් නැති එක තමා වරද
ලොලීටා
සිහින් බෙදුම් රේකාවක
දිග පලල මනිමි මම
ඉස්සුනු කොකුම් තුඩු අගක සිට
රතුපාට සායම
දෙතොල්වල
බිදක්වත් නැති තරමට
උරා ගමි මම ,
ලොලීටා
අන්න ඒ වෙලාවට
ඇස් අගිසි වල කදුල
දියමන්ති පරාදයි මට
ලොලීටා

February 10, 2016

ඔබ කැමති ගීතයක
පද වැලක් මට දෙන්න
හැඩැති තනුවක් එක්ක
හිදින්නෙමි සයන මත
රස හාදු වැස්සකින්
ඔබේ හිත කළඹන්න
ලවන් වල වෙහෙස ගැන
එපා කලබල වෙන්න.

February 8, 2016

වාසගමක් නැති ගසකට
ඇහැකිනම්
සිතූ ලෙස උස් වෙන්න.
අන්න ඒකයි
නියම නිදහස..

February 4, 2016

මා හදේ ශේෂ වූ සියම් ආනන්දය...
අත්ලට ගෙන ඔසුකොට...
සොවින් පෙළෙන ,
අනන්තවූ,
විශ්වයේ,
තවරමි...

February 1, 2016

විට්ටමට බර වෙලා 
නුඹ ඉන්නකොට 
හුස්මක ගැටගැසූ 
බර පොදි 
එකින් එක සීරුවෙන් තබමි 
සකිය 
නුඹෙ හද අසල

January 29, 2016

චුම්බන කන්ද පාමුල 
හති දමන සකියනි 
අසනු මැන 
තව දුරය මුදුනට 
මේ ඇරඹුමක් පමණය

January 27, 2016

පාළු නුගේගොඩ

බාහුවේ මැද හරිය
අල්ලාගෙන තදින්
හිමිහිට..
කඩල ගොටුවක්
ගුලිකර
කවපු මතකයක්
ඇත නුගේගොඩ..

..
නෝක්කාඩුවක
කෙලෙවර
කහ ඉර මැද්දේ
නැවතුන..
මතක පොතක්මය
පාළු නුගේගොඩ..

January 25, 2016

හබරල කොළයක් දන්නවද
පිණි කැටයක
සුවඳ..
අන්න ඒකට
කොහිල කොළ.

January 21, 2016

හිතන්න,
කප්පරක් දේ ඇතිකොට
මුහුද එන්නේම
වෙරළට..
සිප්පි කටු හෙම අරගෙන
අහිමි සොදුරිය
වැළදගන්නට.

January 7, 2016

ආදරය එහෙමය

අමතනා වරක් පාසා
සන්ධිව එසැනකින් විසන්ධි වන
හැම ඇමතුමකට ම පසු
නෙතට හොරෙන් හද කඳුළු හෙලූ බැව්
කෙලෙසක පවසම්

ආදරය එහෙමය,
තුටින් පෙම්මල් සැලේ
කැළැල් සුවවී යලිත් ලියලා
පෙරටත් වඩා වී සවිමත්

January 4, 2016

ගිණි පිඹින රතු
මකරුන්ට වුව
වෙඬරු සදිසි
හදවත් ඇත උණුවන.

January 1, 2016

31, 1 හා 2

ජනවාරි 1 දා
අළුත් වෙන්නට එපා
ජනවාරි 2 දා
දෙසැම්බර් 31 දා සිටි
අයම බවට
පත්වනවානම්