January 29, 2016

චුම්බන කන්ද පාමුල 
හති දමන සකියනි 
අසනු මැන 
තව දුරය මුදුනට 
මේ ඇරඹුමක් පමණය

January 27, 2016

පාළු නුගේගොඩ

බාහුවේ මැද හරිය
අල්ලාගෙන තදින්
හිමිහිට..
කඩල ගොටුවක්
ගුලිකර
කවපු මතකයක්
ඇත නුගේගොඩ..

..
නෝක්කාඩුවක
කෙලෙවර
කහ ඉර මැද්දේ
නැවතුන..
මතක පොතක්මය
පාළු නුගේගොඩ..

January 25, 2016

හබරල කොළයක් දන්නවද
පිණි කැටයක
සුවඳ..
අන්න ඒකට
කොහිල කොළ.

January 21, 2016

හිතන්න,
කප්පරක් දේ ඇතිකොට
මුහුද එන්නේම
වෙරළට..
සිප්පි කටු හෙම අරගෙන
අහිමි සොදුරිය
වැළදගන්නට.

January 7, 2016

ආදරය එහෙමය

අමතනා වරක් පාසා
සන්ධිව එසැනකින් විසන්ධි වන
හැම ඇමතුමකට ම පසු
නෙතට හොරෙන් හද කඳුළු හෙලූ බැව්
කෙලෙසක පවසම්

ආදරය එහෙමය,
තුටින් පෙම්මල් සැලේ
කැළැල් සුවවී යලිත් ලියලා
පෙරටත් වඩා වී සවිමත්

January 4, 2016

ගිණි පිඹින රතු
මකරුන්ට වුව
වෙඬරු සදිසි
හදවත් ඇත උණුවන.

January 1, 2016

31, 1 හා 2

ජනවාරි 1 දා
අළුත් වෙන්නට එපා
ජනවාරි 2 දා
දෙසැම්බර් 31 දා සිටි
අයම බවට
පත්වනවානම්