May 31, 2012

ආකිංචන්‍යය ඛලිතයකි

ඉදින් නම්   නුඹම   නිශ්චය කලේ
නුඹට සාදරය නෙදක්වන අයෙක් වෙත 
නුඹ අනුරක්තව සිටීන වග 
ආචාරසම්පන්න වනු මැන ඹබම ගැන
ආකිංචන්‍යය ඛලිතයකි එය

May 30, 2012

එකොළොස් වැනියා කියූ කව

උදේ ඉඳන්
විකට් අරන්
මදැයි ටිකක්
හිටියා ඉඳන්

බෝලත් ඉවරයි
කඩුළුත් ඉවරයි
දැන් යනු!
ගිහින් ගනු!

අන්තිම බෝලෙට
ලකුණු අටක්!

May 24, 2012

මම

රිදී රේඛාවක්
නැති
කළු වළාකුළ
මම

May 19, 2012

ආයේත් ඇවිත්
ආදරේ අරන්
නවතින්න
ඉඩක් ඇතිනම් ..
සසරේම රැදෙන්නට
නුබ ගාව
මම පෙරුමන් පුරන්නම් .

May 18, 2012

හිනා යන තැන

ගහ ගැන  හොඳින් දන්න මට
කොල කඩ කඩ පෙන්වන විට
මුවින් නොව හිනා යන්නේ මට
පශ්වාත් භාගයෙනි  ඇතැම් විට

May 17, 2012

Sharing is caring

<3 to share
everything with you
as long as you
share your <3
with me

May 16, 2012

සොලොස් කලා සපිරි සඳ.

රන්වන් ව දිදුලයි..
ලං ව බැලූ විට,
අඳුරු පැහැති,
ආවාට පෙනෙයි!!

May 15, 2012

වීරයා මැරිලා

මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........

        යමන් මචං
    
මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........

        සොරී මචං

May 14, 2012

නුඹ වෙනුවෙන්..

දිරි ගමි තවත්
නැත වෙහෙසක්
තව දැනුනේ..

May 13, 2012

නිදහස

ලිහිණිය ,
අප
නිදහස් පියාපත්
අතැතිව

අනුන්ගෙ කූඩුවල
නිතරම .

May 12, 2012

ලොකුඅම්මගේ දූවරු

ඉන්නකල්
නොසැලකුව තොපිලගේ
කඩු
මියෑදුනාම
කොස් කොටන්නද..?

May 11, 2012

ඔබ....

නිදා සිට එක් සිහිනයක
අවධිව බැලුවෙමි
අතරමඟ
“හැර ගොස් ඇත”

May 10, 2012

අපරාද කඳුලු, සුසුම්

නිකරුනේ ගැලු
කඳුලු අරගෙන
තෙමන්නට තිබුනා
වැසි නැති ගොවි බිමක්

නිකරුනේ හෙලි
සුසුම් අරගෙන
හමන්නට තිබුනා
සිහිලසක් නැති නුවරක් උඩින්

May 9, 2012

...අහිමි වූ කවිය...

ඇස රැඳුනු, හිත වැදුනු
තැන ඇදුනු, මගෙ කවිය
හිත බිඳුනු, ඇස ඇඬුනු
තැන වැසුනු මගෙ කවිය

May 8, 2012

මිදීම

විරාගී පිලි දැවටි
අනුරාගී කය,
සිඳ ගනිත් වල
කල දුටු කල

May 7, 2012

හුදෙකලාව

පාළුවෙන් හදවත වෙලා
තනිකමෙන් හෙම්බත් කරවන
‘හුදෙකලාව’
බැඳීම් වලින් ඈත්ව
අතීතයේ මතකයන් අවුස්සන
‘හුදෙකලාව’
වියළි ඇස් තෙතබරව
කඳුළු ක්ෂණ ඇහැරවන
‘හුදෙකලාව’
ඔබ වෙන්ව ගිය තැන හිඳ
ඉඳිරියට පෙරමං වසන
‘හුදෙකලාව’