July 28, 2018

මේ කවිය නුඔටමයි

තිබුණාට අාදරය - මහ මෙරක් වගෙ නුඔයි
කවි ලීවෙ නෑ නුඔට - ඒනමුත් අාදෙරෙයි

සිත ගියත් අරෙහෙ මෙහ - නැවතුනේ ඔබෙ ලගයි
හැමදා ළඟ හිඳි - නොසිතු කතාවක් ගොතයි

මෙි දිවි ගෙවෙන්නේ - නුඔෙ නමින් විතරමයි
සොදුරු සිහිනය ඔබයි - මේ කවිය නුඔටමයි

July 23, 2018

කටු

පාදයක ඇනී
ඇදුම්කන්නට පෙර
ගලවා ඉවතලිය හැක
කටුවක්

ජීවිතේ ඇනුණු කටුද
එලෙස ඉවතලිය හැකිනම්
ගලවා පහසුවෙන්
සුළු වේදනාවකින්

July 7, 2018

තෙල්

පෙට්‍රෝලියං එකේ උන්ට හරි පඩිලු මහත්තයෝ
ඕකුං නඩත්තු කරන්න තමයි
අපේ බඩට ගහන්නේ
ත්‍රීවීල් රියදුරා ඇරඹූ කතාව
නතර කලේ මම බහිද්දි...
මමත් වරායයි පෙට්‍රෝලියං එකයි
මණ්ඩලෙයි ඔක්කොම ට්‍රයි කලා
බැරිම තැන වීල් දුවන්න ගත්තා
ඒකකට ගියා නං
ගොඩමනේ ඉතිං...