September 6, 2019

හේදෙන හිත

බස් රියේ වීදුරු ජනේලයෙ පිට පැත්ත
සෝදමින් ගලන ඝන වැසි දිය
හිත මතින් ගලා මතු කරයි අතීතය
හේදීම යන්නට දෙන්න ඕනෑ එයට

September 5, 2019

වරද

බුබුළු ලා කැකෑරෙන
වරද කළු කරයි හිත
දැවි අඟුරු වන තුරුම
අඳුරටම ඇදගෙනම