August 31, 2015

අවංක පෙම්වත් තැන

ඇයට ඔහු ගැන
ඇති අයිතිය
අහෝසි වූ පසු
වදන් වලට
අයිතිවාසිකම්
කීවාය.

හෙලබස ඇයට
පිටුපෑවේ නැත.

August 28, 2015

උසුළු

තරු කැට
උසුළු නොකරව
මතු පුරහඳ වන
අද අඩ සඳට....

August 27, 2015

දුයිෂේන් කියන්නේ,
ආදරේ ගැන කුඩා කවියක්. . .
කුර්කුවේඋවේහි පොප්ලර්, 
බලාපොරොත්තුව ගැන ලියපු හයිකුවක්. . .
පාව්කා කොර්චාගින්, 
ඇකෝඩියනෙක ස්වර පෙලක්. . .
රතු චතුරස්‍රෙ,
කහ ගැහුන නවකතාවක,
රණ ගීත දළු දාන පිටුවක්. . .!

August 26, 2015

නොනියත


මන්ද මාරුත
මාර සේනා
සිඳී සියපත
දළින් දළ
තුරින් තුර

August 25, 2015

ජේසුනී

රැගෙන ගොස් උන්
නීතියේ තුලාවත්
මනින්නට බදු කාසි
එහෙයින්
උට්ඨානු වනු මැනවි
පියාණනි
කුරිසි පත් වන්ට
පළමුව
කලියුගයේ අවසාන
දුගියාත්

August 24, 2015

ඇරඹුම හා නිමාව

ජීවිතය හරි පුදුම
හුදෙකලාවක සැඟව
ඈතටම ඇදී යන
දිනෙක යළි මතුව එන
නොසිතනා මොහොතකදි
නැවතීමෙ තිත තියන.......

ඇරඹුමක නිමාවද...
නිමාවක ඇරඹුමද...

ජීවිතය හරි පුදුම
නොසිතනා මොහොතකදි
නැවතීමෙ තිත තියන
නොසිතනා මොහොතකදි
නැවත පෙරටම ගලන....

August 21, 2015

ආදරය

මගේ පපුතුරේ රැඳි
සුදෝ සුදු හිස් පිටුවකි
ඔබේ අත්ලත ඇති
වෛවර්ණ ක්‍රෙයෝන් කූරු අහුරකි

August 20, 2015

මල් එක්ක සමනල්ලු ලස්සනට පෙනුණාට
ලස්සන ම මල් අයිති දළ තියෙන බඹරුන්ට
උනුහුමට ගුලිවෙන්න උරහිසක් තිබුනාට
සමනල්ලු නැතුවාම පාලුයි ලු මල් වලට

August 19, 2015

මං

දුර අහසෙ රෑ සඳට 
පෙම් කළා හුඟදෙනෙක්
ඒත් ඉන් ළං වුණේ ටික දෙනයි
මං එයින් එක්කෙනෙක්
මං නීල් ආම්ස්ට්‍රෝන්

August 18, 2015

මට ඇත්තම කියන්න!

ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
මගෙ බඩේ පිපෙන්නේ මොන මල්ද?
පීරිසි වගේ පියෝනි මල්ද?
පැණි පිරුණු හත්පෙති මල්ද?
මේ තරම් සමනල්ලු පියාඹන්නේ ඒකද?

ඔය අතරෙ වල් රෝස පඳුරුත් තියෙනවද?
තියුණු කටු ඇනෙනවා රැවුම් පහරක් වැදෙනකොට
සමනල්ලු හිටි ගමන් මැරෙනවා දිගු දෙබැම සිහින් වෙනකොට

ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
ලෙඩේ ඇත්තේ මල්වලද? සමනල් තටුවලද?

August 17, 2015

පසක් කළ සත්‍යය .....

එන විටත් නොගෙනාව...
යන විටත් ගෙන නොයන...
හිස්ම හිස් ඔලොගුවක් උර දරා
ඇවිද යමි සෙමෙන් පියවර තබා...

ඇත්තටම ජීවිතේ හරි බරයි...
සිතිජ ඉම අපැහැදිලිය-නොම පෙනෙයි...
හැරීමක් නොමැති මේ ගමන් මග
තනිව යමි ආ විලස තනිවම ම...

August 14, 2015

ප්‍රේමය විවෘත කර

කල් පනින්නට පෙරාතුව 
ප්‍රේමය
විවෘත කර සුවද
විදගත යුතුය...

අත්ලෙන් ලිස්සා නොයාමට
විලංගුලා
හදේ ගැඹුරක 
තැම්පත් කලයුතුය...

අතේ රේඛා කියැවුමට
තදින් ම
ඔබ සුරත
අල්ලා ගතයුතුය...

දුර ගමනක ඇරඹුමට
පෙරාතුව
ඔබ විසින්
පොරොන්දු දියයුතුය...

August 12, 2015

නොහමුවන්න ඈ..

ප්‍රේමයට අත වනමි
වියළි තුඟු තුරැක නැග
ම'පිසනා සුළඟින් යදිමි
ඈ නොහමුවන ලෙස
දැනේයැයි දුකෙන්
සුළඟටත් දුක.......

August 10, 2015

යුක්තිය

දෙවිදුන්ගෙ
රජු වූ
සක්විතිට
කොයිඹින්ද දෙවොලක්
එහෙවු මේ මනු ලොවේ
නුඹට අවනඩු
නැතිද
අසඩක්

August 7, 2015

විහගකට ඉතිරි කල

ගසකට තියෙනවා
සුරකිව තබා ගත්
කවියක්.

විහගුන් ඈත
ඉගිල ගොස්
නැවත ආ පසුව
කියවන්න ඉතිරි කල...ම

August 5, 2015

නිල් අහස කොයිතරම් දුරයිද?
ඒ තරම්ම ඔයා මට ළඟයි...

August 3, 2015

මිරිඟු

කවියෙකු දුටිමි
අනුභුතියක් ඇහිඳිනු අටින්
පරාජිත පෙම් සිත් බිමෙක‍
පැමිණ අතරමං වූ