November 29, 2013

නුඹ

බලාපොරොත්තුව
ජීවිතය
ජීවත් කරවන
කිසිදාක
ඉටු නොවන

November 27, 2013

වර්ණ...

සුදු පාට රෝස පෙති මත
රතු පාට කඳුලු බිඳු
රටා මවන
අපූරුව..!

November 25, 2013

විරහව

Flush කල
අතීතයක
ඉතිරිව පාවෙන
වේදනාව

November 22, 2013

ඇය...

ඉහල සිටින මා උන්මාද කල චිත්‍රා ය

මා...
පහල පහල සිටින මුර සෙබලා ය..

එතකොට කවුද දීඝ ගාමිණී.....?

November 20, 2013

පළගැටියෙක්

අදුරට
සාප කර
ආලෝකය යට
ගියාය මළගම්.......

November 18, 2013

මුහුද

නැගෙන
බිඳෙන
ගැහෙන
නිල් පාට හදවත!

November 15, 2013

විරහව

මගෙන් මාව උදුරා
නිධන් කර
අතහැර දමා සොයන්නට
රැයක් පමණි
සදක් නැති
නිශාචරයෙකු සේ 
නින්දක් නැති

November 13, 2013

මරණය

විඩාබර
දිවියට
සුවදායී
විවේකය

November 11, 2013

අවංක කමේ අවසානය

අවසානයේ
අපිටම කෙලවෙනකං
අපිවත් දන්නෑ....
ඕනෑවට වඩා අවංක කම
පෙන්නුවම.....
මේ අවංක හිත
යටවෙනවා හැමදාමත්...
ඒ චපල හිත් ඉස්සරහvv

November 8, 2013

නුඹ

ජීවිතේ
මද්දහනට
සිහිල්
සෙවනැල්ල

November 6, 2013

නෙළුම් මලේ පෙති කඩලා

වැවේ පිපුණු නෙළුම්
වටේ නටපු බමරුන්
පරිසර පද්ධතියක සතුන්
ගැවසුනා උදෑසන

වැවේ පිපුණු නෙළුම්
දුටුවා අන්ධ වූ දෑසක්
මිටි පිටින් නෙළූ නෙළුම්
ඇදුණා පුද බිමට

නෙළුම් ගොඩක් සීයයි
පූජා වෙන්නට ගොසින්
වැව දැන් මූසලයි
එහි නැත දැන් නෙළුම්

November 4, 2013

තාත්ත දන්න ඉටිගෙඩිය

2015දි ඒ ලෙවල් කරන
අපේ මාමගෙ පුතා
ෆේස් බුකියේ ෂෙයා කරල
පොටෝ එකක්...

'ධර්ම දායාදය උදෙසා
සුජාත සිංහල දරු පරපුරක් බිහිකරමු!
පුංචි පවුල රත්තරං
වැඩුණු පවුල ඉස්තරම්'

ආණ්ඩුවට මිඩ්වයිෆ්ට පර්ස් එකට අහුවෙල
මාව විතරක් හදපු
උඹට වඩා ඇච්චොත් දැන්
මාර දියුණුයි තාත්තෙ

November 1, 2013

අඩෝ දෙයියෝ...!

මිථ්‍යාවෙන් ලොව මුදන බව කියන
මුණිවර අසපුවේ කෙළවරේ කුටියක හිඳ
ලොවම මුලාවෙන් වසමින්
දෙවියන් ෂල්ලි ගරන ෂේක!