February 29, 2016

ඉස්පිලි පාපිලි
කොමාවන් ළග
මතක තිත අග්ගිස්සෙ
කෙළෙවර
'විස්මයාර්ථය' !!
ඉතිරිවී ඇත.

February 26, 2016

මතක පොත්වල;
ඉස්පිලි පාපිලි
කොමාවන් ළග
මතක තිත අග්ගිස්සෙ
කෙළෙවර
'විස්මයාර්ථය' !!
ඉතිරිවී ඇත.

February 23, 2016

කට්ට කළුවර;
සිනිදු සිරිපොද වැස්ස
කියන්නේ හදවතට
සියුම් කැපුමක්
දායාද දෙන
වචන..

February 15, 2016

නටුවෙ කට්ටක්
තිබ්බ පලියට
නපුරුකම් නැත
රෝස මල් ළඟ
සනුහරෙ ඇති
කිසිදු මලකට

February 12, 2016

ලොලීටා

ඇගිලි තුඩු අගින් රහසින්
පිරිමදිනු මැන මා හිස
අකුනු සැරයක් ව එකවිට
පතිත වනු මා කොපුලට
ලොලීටා
උස් සිහින් නිතඹට
පුලුල් මෘදු උකුලට
සංයමය නැති එකයි හොද
සයනයක් නැති එක තමා වරද
ලොලීටා
සිහින් බෙදුම් රේකාවක
දිග පලල මනිමි මම
ඉස්සුනු කොකුම් තුඩු අගක සිට
රතුපාට සායම
දෙතොල්වල
බිදක්වත් නැති තරමට
උරා ගමි මම ,
ලොලීටා
අන්න ඒ වෙලාවට
ඇස් අගිසි වල කදුල
දියමන්ති පරාදයි මට
ලොලීටා

February 10, 2016

ඔබ කැමති ගීතයක
පද වැලක් මට දෙන්න
හැඩැති තනුවක් එක්ක
හිදින්නෙමි සයන මත
රස හාදු වැස්සකින්
ඔබේ හිත කළඹන්න
ලවන් වල වෙහෙස ගැන
එපා කලබල වෙන්න.

February 8, 2016

වාසගමක් නැති ගසකට
ඇහැකිනම්
සිතූ ලෙස උස් වෙන්න.
අන්න ඒකයි
නියම නිදහස..

February 4, 2016

මා හදේ ශේෂ වූ සියම් ආනන්දය...
අත්ලට ගෙන ඔසුකොට...
සොවින් පෙළෙන ,
අනන්තවූ,
විශ්වයේ,
තවරමි...

February 1, 2016

විට්ටමට බර වෙලා 
නුඹ ඉන්නකොට 
හුස්මක ගැටගැසූ 
බර පොදි 
එකින් එක සීරුවෙන් තබමි 
සකිය 
නුඹෙ හද අසල