April 30, 2013

ආතල් ඕයි සංවේදී ජනතාව!


ජාතික ප්‍රශ්ණ ගැන
සාමාන්‍ය මිනිස්සු අසංවේදී විට
උන්ට බනියි
සංවේදී ජනතාව
'තොපි අන්ධ ජාතියක් යකෝ'

ජාතික ප්‍රශ්ණ ගැන
සාමාන්‍ය මිනිස්සු සංවේදී වන විට
උන්ට එකතු නොවී
ආයෙත් උන්ට බනියි
'ඕව කරල හරියන්නෙ නෑ යකෝ'

ජාතියේ පින සංවේදී ජනතාව

April 29, 2013

you tube වර්මොහොලික්

ගෙවෙන ජීවිතය
එපා වූ මොහොතක
පලායමි
වෙනත් විශ්වයකට
යූ ටියුබ්
වර්ම්හෝලය තුලින්

April 26, 2013

විදුලි බිලට අත නොතබනු!


උන් විදුලි බිලට අත තියයි

විදුලි බිල වැඩි කර
ලාභ උපයා
අළුත් යන්ත්‍ර ගෙන
බිල දෙස දෑහින්වත් නොබලා
ඔටෝ ජෙනරේට් කර
ගෙදරටම එවන්නට
පටන්ගත් පසු
උන් ඊට අත
නොතබනු ඇත

April 25, 2013

පිළිමය

අවුවට කරවෙමින්
කුරුළු බෙටි
වැස්සට හේදී යමින්
පිළිම අඹන්නාගේ ගෙමිදුලේ
විකුණන්ට තිබූ පිළිමය
නොදුටු මිනිසුන්
එය හන්දියක
මලසුනක් මත ඇටවූ පසු
නමදිමින් යන අපූරුව!

April 24, 2013

එ තරම්
නො බිදෙන බදුන්
තිබුණ මුත්
බිදෙන
බදුනට ම
සිත - ගිය
අරුමය...

April 22, 2013

හෝම් තියටර්

මගදී pause කර
ඊ මේල් බලන්නට
‍ෆේස්බුක් යන්නට
රිඩරේ කියවන්ට
නොහැකි නිසා මම
නොබලමි
හෝල් එකේ චිත්‍රපට

April 20, 2013

කරාමය/කරුමය

විනය නියෝග නියෝග නිකුත් කලා
දෙපාර්තමේන්තු කම්කරුවාට
උතුරන ජල ටැංකියේ
කරාමය වසන්නට දිව්වාට
ජාතික ගීය අතරතුර

April 19, 2013

life (2013) | වැඩිහිටියන්ට පමණයි!

අක්‍රිය මා
පසෙකට ඉඳුවා
ඉදිරියේ දිග හැරෙන


ජීවිතය
විටෙක
චිත්‍රපටියක්

April 17, 2013

සමූහ මිනී වල

ටිකක් ගොඩගන්න
සමූහ මිනීවලේ
සේරම ගොඩ නොගෙන...

ඉතිරි ටික
හිමීට ගොඩගමු
හත් අට වතාවකදි

April 16, 2013

අප්‍රේල් 16

අප්‍රේල් 14 අවුරුද්ද ඉවරයි
අප්‍රේල් 15 නෑගම් ඉවරයි
කැවුම් ටිකක් ඉතිරි වුණාට
අප්‍රේල් 16 අපි ඉවරයි

April 1, 2013

රේඩියෝ

සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා