April 30, 2011

දත

මොන කරුමයක්ද ?
මෙච්චර රිදෙද්දිත්
හිත හදා ගන්න බැරි
ගලවල දාන්න.

April 29, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

April 28, 2011

කඳුල

ඉකිබිඳින තාරුකා
කැදැල්ලෙන් ගිලිහිලා
මගේ කම්මුල් පුරා
සීරුවට තැවරුනා...

April 27, 2011

යාත්‍රා

හීන තොටුපොළ
වෙතට පාවෙමි
සුසුම් පවනින්
රුවල් පුම්බමි
මඟ කියන්නට
නැකත් තරුවක්
සදිසි දෙනෙතක්
දුරින් හඳුනමි

April 26, 2011

නිම්නෙත්

පිණි වැටී දිලුන
වතුසුදු මල
උදැසනම නෙලා ගතිමි...

මිතුරෙකු අත
එ මල තබා
පන්සල් බිම අතහැර යමි...

April 25, 2011

දිනීම

කඳු පල්ලම් ඳිරච්ච ලණු
වැටෙන්නෙපා වැටෙනෙනපා
සටන් පිටිය ඔබ අභියස
දිනාගෙනම යන්න අනේ...........

April 24, 2011

පොත

පරණ පොත
උඹට හිතුන හිතුන වෙලාවට
කොළ ඉරල විසි කරන
පොත ඉවර වුනදාට??

April 23, 2011

පෙම හා දුක

හිතක් ඇත
එහි
නිමක් නැති
පෙමක් ඇත....
පෙමක් ඇත
එහි
නිමක් නැති
දුකක් ඇත...

April 22, 2011

සිත ගිය තැන...

දුරින් ඉනු දැක සිතින් පෙම් බැදි
වදන් ඈ මගෙ ගොළුකලා
හිතින් නැතිමුත් ගතින් අද මම
වෙනින් හදකට පෙම්කලා...

April 21, 2011

ජල සක

ගගන තෙක් විහිදුනු
ගිරග හිස් ගෙඩි
වලාකුළු සොවෙන් බරකොට
කඳුලු වැසි වටති පොලොවට

April 19, 2011

බණ

සුපින්වතුනි ;
උකැටලී නොවුන මනාය
සෝදන්නන් අතින්මය
බිඳෙනුයේ
බන්දේසි
එක දෙක......

April 18, 2011

සිත ගිය තැන...

දුරින් ඉනු දැක සිතින් පෙම් බැදි
වදන් ඈ මගෙ ගොළුකලා
හිතින් නැතිමුත් ගතින් අද මම
වෙනින් හදකට පෙම්කලා...

April 17, 2011

සඳ

ඝණදුර ගිලගත් ආකහේ
තුරුන් රොත්තට මැදිව
පෙම් කෙළිත්
මඳු සඳ

April 16, 2011

පුංචි සමනලියට

හිත රැදුනු පුංචි සමනලියක්
තටු සිදෙන්නට නොදී
ආදරෙන්
ලඟට ගන්නට
සැරසෙද්දී...
අනේ මේ සුලඟ,
එහෙත් කම්නැත
ඇය සුල‍ඟේ
පහස විදී නම්...

April 15, 2011

අරා මා සිත
පුරා පෙම් කවි
පටලලා

සරා සද කිම
නිදනු අද දින
වලාකුළු යට
සැගවිලා

April 14, 2011

ආදරේ කරන කෙනා දිහා බලන්න එපා !

දාලා යන්න හදන්නේ ආයි නොඑන්නම නම්
ආදරේ කරන කෙනා දිහා බලන්න එපා !
ඒක දුකක් වෙන්නේ දාලා යන කෙනාට නෙමේ
තනි වෙන කෙනාට

April 13, 2011

වෙරළ වෙත සපැමිණෙන රළ පෙල
මකනු දැක මග සලකුණු
එකම තැන දහ දොලොස්වර යයි
අතින් ගෙන වෙන පෙම්බරූ

ඉසනිකට වැවු මහල්ලන් වෙති
තැනින් තැන මධුවිත බිවූ
රලට දොස් නගමින් හඩති උන්
පෙරදි එකකට පෙම් කෙරූ...

April 12, 2011

ඈ දෙතොල...

බැලුවෙමි චිත්තර පටියක් නිදිමත හින්දා...
සිටියා ජොලී මාගේ නෙත සිත පිනවා...
ඉවර උනත් පැයකුත් අඩකුත් මන දොල සපුරා...
මතක එකම දේ ඈ දෙතොලයි කිසිදා අමතක නොවෙනා..

April 11, 2011

හදනු බැරි බව දැනගතිමි මම
විදිමි කළ ‍ඒ සියල්ලක්
වැරැද්දක් නෙමෙයි එය මගෙ
සංසාර ගත පුරුද්දක්

April 10, 2011

මිනුම

උනුනට හිතෙන හැටියට
ලඟින් දුරින් උස් මිටියට
ලකුණු කර ඉරි කෑලි
කිරණ මනින

ps: මිනුම = scale

April 9, 2011

මීට සිව් වසරකට ඉහතදි
මගෙ අතින් වුණ වැරැද්දක්
හදන්නට යන විටදි ඇයි මේ
නුඹ ගැනම මට පෙරැත්තක්

April 8, 2011

මට ඕනෙ මම

හැමෝටම ඕනෙ
මාව කැඩපත
කරගන්න....

April 7, 2011

සද නේන දා කවිත්
ලියවෙන්නෙ මා අතින්
ගියදාක නුඹ ඇවිත්
පසු දාට සිහිනෙකින්

April 6, 2011

දෙවිවරුනි
කල් ඇතුව
පහන් එළි
දල්වන්න.
හිල් හැදුණු
අහස මත
තරු ලෙසින්
බබළන්න!

April 5, 2011

දගකරන පෙම් කදුළු රළ පෙල
නිබදවම සිත පෙලන කවි පෙල
හැර දමා මොහොතකට දුක් විල
සතුටු වෙමි මම එක්ව මිතු කැල

April 4, 2011

මගේ භූමිය
ලකුණු කරගමි
ප්‍රේමයේ
කහවණු වලින්.
...
මිලට ගැන්මට
ඔබට නොහැකිය
වැඩි මිලට
විකුණන හෙයින්!

April 3, 2011

ආඳා මාළු.....

මගෙන් ගිලිහිලා යන
ඇගේ ආදරේ
නවත්ත ගන්න
පුළුවන් නම්
කනවා
මං
ආඳා මාළු
ඉරට්ටෙන්......

April 2, 2011

අන්තිමම වැහි බිඳත්
හැලීගිය පසු
පුරවන්න හිස් බඳුන්
හිතන එක බොරු!

April 1, 2011

Magic Carpet

මතක නැත
බුමුතුරුණ පණගන්න
මතුරන්න,
මම කොහොම
පියඹන්නේ පාසලට
උගණින්න.
.
ඒස්වාහ් පුහ් [මම තාම එතන ම]