January 30, 2013

ක්ෂිතිජයේ යතාර්ථය

සොඳුර නුඹ සයුරකි......
ආදරය, සෙනෙහස දෝරගලනා
ගිලී සිටින්නට සදාකල්, ඒ ආදර සයුරේ
සිතුවත් මා....
වටහා දුන් විට ඔබ, හිරු සයුරේ නොගිලෙන බව
වටහා ගත්තෙමි... ක්ෂිතිජයේ යතාර්ථය.........

January 28, 2013

පුරහඳක් වෙලා
නුඹ
එළිය දුන්
හැම දාම
හිතට ආ
හැම දේම
කියන්නට
හිතුනාම
එදාම

අමාවක.....

January 23, 2013

නුඹව
මගෙ කරගන්න
මම විඳපු දුක්....
නුඔව
මගෙ වෙලත්
තව
මම විඳින
දුක්......

January 11, 2013

ඔන්න කිවුවා
සිත්තරාට
මගේ සිතුවම
මටම ඕනි...

January 4, 2013

දුක..

ඉපදුන නිසාවෙන්ම
උහුලන
කරුමය නිසාම
විඳවන
අප්‍රසන්නම
හැඟුම් සමුදාය....

January 2, 2013

තනිකම

තනියම අහසට නැගුණ ගහකින්
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..