February 13, 2013

අනුවණ මල

මලක් නොපිපෙයි ඉරක් නොමැතිව
ලොවම දන්නා යථාර්තය එය....
මලට බඹරෙකු පැමිණි පසුවද
නොකියන් මලේ....
හිරුට පිටුපා, එන්න බැරි බව...

February 1, 2013

සඳට පවසයි තරුව

සඳ තනියම පායන්න සිතුවත් හැමදාම
දිනක් එයි අමාවක...  ඉඩ නොදී පායන්නට
එදින වැටහේවි.., ආඩම්බර සඳට
තරුවක වටිනාකම.....