February 22, 2011

කල් ගෙවී...

මල් සුවඳ නවතන්න
දෝතකින් පුළුවන්ද?
කල්පයක් ගත වුනොත්
කඩුපුලක් නොපිපේද?
රැල් නැඟී ගලන ගඟ
නිදි දිනක් කවදාද ?
කල් ගෙවී සැඟවුණත්
නුඹ සිතෙන් ගිලිහෙයිද?

1 comment:

  1. හැමදේම
    අයිති අනුන්ට
    හිත විතරක්
    අයිති
    නුඹට..!

    ReplyDelete