වාරු දෙන
උදව්කාර බිත්ති
කිළුටු වෙයි
ලියා එව්වේ - Hare :-)
ලියා එව්වේ - Hare :-)
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
ලියා එව්වේ - Hare :-)
පත්කර යැවූ පසු රොත්තක් මනාප දී
එලවාගනු නොහැක පේනා කපේකදී
දෙස් පාලනය ගොහොරුවකැයි ගිගුම් දිදී
ගොඩ සිට විරිත්තාගෙන අප අරන් බුදී
මඩක ලගින හරකුන් ඇත සුදු ඇඳලා
වෛවාරන්න පාටට අපෙ හිත බැඳිලා
පාටින් හීන දකිමින් ඇස් අන්ධ වෙලා
ඉපදුන කරුම කියමින් යයි නාකි වෙලා
ලියා එව්වේ - Hare :-)
සිවිලිමේ එල්ලී කැරකෙන
විදුලි පංකාවේ වේගය
වෙනස් නොවේ
ඔබෙ සුසුම්වලින්
වෙන්ව යා යුතුයි දැන්
ඔබත් මමත්
ඇයගේත් ඔහුගේත්
ලෝකවලට
ලියා එව්වේ - Hare :-)
ලියා එව්වේ - Hare :-)