March 31, 2011

හරියන්නට යයි උපදෙස් දුන් උං
හරිගියොත් ඉදීවිය බං
බැරිවෙලාවත් වැරදුනොත් නං
උං නැත උඹම පමනකි උඹට බං

March 30, 2011

නුඹ

අත් රැඳි
සුවඳ කුසුම
නුඹ
ලඟ තිබූ කල
සුවඳ
නොදැනුන

March 21, 2011

නුඹ පිරී ද මගෙන්...?

මා පුරවා දමා ද?
නුඹේ අස්ථාන සියල්ල
දැන් කවියක්වත්
නැත්තේ නුඹෙන්..

March 19, 2011

බලාපොරොත්තුව

දෙලොවක් අතරේ වල්මත් වූ මම
තුන්වෙන් ලෝකෙට පියමනිමී

March 18, 2011

බලාපොරොත්තු....
පිපෙන පරවෙන
පයට පෑගෙන
නැවත උපදින
සිහින තැවරුන
බලාපොරොත්තු...

March 17, 2011

කොට්ට

පුලුන් කොට්ටයක්
හෙව්ව මට
සිමෙන්ති
කොට්ටයක්.....!!!

[බදාගෙන නිදාගන්න බැරිවුනත් මනා ගෙයක් හදාගන්න පුලුවන් නොවැ...!!]

March 16, 2011

ජීවිතේ කොතෙක් පි‍ටු පෙරලුනද
සිත් වලට වැටකඩොළු ලනු නොහැක
බොහෝ කල් නිදාගත් ගිනි කඳුද
කෙදින හෝ පුපුරුවා හැලෙනු ඇත...

March 15, 2011

කත

කළුවර
කනිසමට
කනට
කන්ක
ළු
කථාව
පොරවක් ගෙන එන්න
කපා දමනු පිණිස
පලක් නැති
නියපොත්ත!

March 14, 2011

තට්‍ටු ගෙවල් වල
බ්‍රොයිලර් ජීවිත
වැලි නොපෑගෙන
හැමදාම
එකම විදිහට...
මම තරු
අතරින්
නොමැරුණු
තරුවක්
සොයමි...

[තරු මැරිලත් සෑහෙන කාලයක් පෙනෙනවා නොවැ...!!]

March 13, 2011

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියට

මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ

වලක් දැක්කොත් ගෙම්බෙක්!

කල දුටු කළ
වල ඉහ ගැනීමට සිතා
මම වල අසලට ගියෙමි
මළ කෙලියකි
වල අරක් ගත් තඩි ගෙබ්බෙකි!

March 12, 2011

ඉක්මනට
කවුරුහරි
පහනක් දල්වනවද?
සොයා ගන්න තුරු
මගේ පහන!

හාදු වැසි

නොනිමි මුදු හාදු වැසි
දෙතොල් අග සුව රසසි
පිණිති ඉහිරුණු විලසි
හද තඹර පිපි සරසි

March 11, 2011

අතු අත් නමා
සිප වැළඳ ගන්නට බැරිවුනත්
සැඬ හිරුගෙ හෙවණැලි අවුරනා
නුඹ මහා පවුරක්
සෙනෙහසින්සෙවණක් සාදනා
නුඹ වනස්පතියක්..

හදිස්සිය

විද්දෙ
පදුරට..
වැදුනෙ..
හාවට..

දැන් ඉතින්
හාමස්..
කාපන්කො..!!!

[හපොයි මගෙ සිල්පදය..!!]

March 10, 2011

අතර මග නතර වුන සුළඟට
අතවනා එන්න යැයි සන්කර
හදවතේ අඳුරු කුටියක් ඇර
පහන් දල්වන්න අවසර මට!
සිතුම් වැල් එකින් එක
ගලා එන සිත් ඉමේ
තනිවෙලා ඉන්නවා
මං මගේ පාඩුවේ

March 9, 2011

නුඹමය

අහස නුඹ මෙනි අද
නපුරු වී මහා වැස්සක
ඒත් සුළඟත් නුඹමය
හිමින් උණුහුම අයදින

March 8, 2011

රෑ පුරා
මල් හීන අතුරමි.
උදෑසන
වවුල් හප ඇහිඳිමි!

සපත්තුව

ගන්නකොට
හරි ගාන..
"පිට්වුනා"
කකුලට..

දැන් හරියට
හිරයිනෙ..
මාරුකරල බලමු
වම් කකුල
දකුනට..
දකුනු කකුල
වමට...!!

[ආදරෙ අන්ධයි නොවැ....!!]

March 7, 2011

අනුන්ගේ හඬ

හොඳින් සුසර කර ගත්
අනුන්ගේ ප්‍රේමය
සැගවිය හැකිද
නින්නාද දෙන විටත්
ඉතා මිහිරිව
නවතින්නට හැකිනම් සදහට
ඉඩතිබේ
නාඳුනන්නියකට වුවද
මගේ හද තුල

March 6, 2011

ගණිකාවගේ මධුසමය

බුදියෑවේ
හැමදාම
එකට

නිදියන්න
දෙනවද
අදවත්

"තනියම..?"

සූරියකාන්ත

හිරු යන එන අත

නිතරම සෙව්වත්

නුඹ ගැන හිරු නම්

නොදනී කිසිවක්

March 5, 2011

තුත්තිරි ගහක්

ඔබ
කොපමණ
උස වුවද
මම
මුලින් ඉදිරී හෝ
පැමිණ
එකම වරක්
ඔබ සිඹිමි

නිර්වචනය

හිමිකමක් ගැන නොතැවෙන
කිසිත් ආපිට නොපතන
සිත උපන් දේ සඟවන
නිතර මැරුණත් උපදින

March 4, 2011

පිපී හිනැහෙන
මල් ඉත්තේ
පර මලක්
අන් මල් සමගම
හැනැහෙන්නට
වෙර දැරුවා
ඉක්මනට
කවුරුහරි
පහනක් දල්වනවද?
සොයා ගන්න තුරු
මම
මගේ පහන!

March 3, 2011

සැඟවුණු සඳ

මල් කිණිති සිඹී සඳ
ලොව නිදි මේ රෑයම
තුරු මුදුන් අසල නැවතී
මුදු මුවරද සුවඳක
සිත ඔකඳ වෙලා අද
අහසට යන්නට නොරිසී

එදා සහ අද

එදවස
ප්‍රාර්ථනාවේ
වසන්තය විය
මෙදවස
බිඳුණු පැතුමේ
ශීත ඍතුවය

March 2, 2011

කැමති අකමැති

තටු නැති බව දැන දැන
ඉබ්බියන්ගෙන්
තටු ඉල්ලා
අඩති ඉබ්බෝ...

March 1, 2011

♪♪♪ ජොආනා...

ඇයත් පෙම්වතියකි... බිඳී ගිය ඉරාකයේ...
කුර්දි ජාතිකයෙකි... සුලෙයිමාන් දේශයේ...
සටන් කාමිනියකි... පෙෂ්මර්ගා ජීවිතයේ...
එහෙත් පෙම්වතියකි... මාගේත් විජිතයේ...
අතීතය සොයා යන
බොහෝ අය
යළි නොඑති
එහි ගිලෙති!