Showing posts with label රුවන් බන්දුජීව. Show all posts
Showing posts with label රුවන් බන්දුජීව. Show all posts

January 7, 2011

සෝදිසි

ළපල්ලක මුදු තොල් උරා බී
කර බදන් නිදි පිනි බිඳක් දැක
හිරුගෙ මුල් රැස් දහර පිළිබඳ
ඉතා සෝදිසියෙන්ය තුරු හිස...

January 4, 2011

Massage Clinic

ඇස් බැඳගෙන
මස් මිරිකමි
ගෙදර ගිහින්
කුස් පුරවමි

January 2, 2011

ඇළ

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම...

December 11, 2010

බර කල්පනාවක

කිව්ව විදිහට මෝය කට ළඟ
බලන් හිටියත් එන තුරා ගඟ
කිසිම දවසක නැති ලෙසින් අද
සයුර මහ බර කල්පනාවක...

December 9, 2010

දැන දැන සිඹීම

ගෙල බදාගෙන
අඬන වේගෙට
නාය යන බැව්
හොඳින් දැන දැන

ගැහි ගැහී එන
වැහි වලාකුළු
තුරුළු කරගෙන
සිඹින කඳු ගැට..

December 7, 2010

ගැහැණු

පටුන
බලති..
පිටු
නොබලති...

December 5, 2010

තනපට

වළා තනපට
ලිහාගත් සඳ
බැබලි බැබලි
පැනපි එළියට. . .

December 3, 2010

විහාරමහාදේවී Park

අන්න පෙම්වත
ගාඩ්වරු එති
වහා සඟවනු
මැනවි බර අවි. . .