සිතක් තිබුණු බව දැණුනා
මට පෙම් කරතැයි සිතුණා
මගේ දෙනෙත් දල්වාගෙන
නුඔ එනතුරු මඟ බැලුවා....
මේ දුක සැපතක් සිතුණා
ඔබ ගැන ආදරේ පිරුණා
මගේ පුංචි හිතත් අරන්
ඔබේ වෙන්න මඟ බැලුවා..
පෙර භවයක පිං අරගෙන
ඔබගේ මනාලි වෙන්නම්
මියෙනතුරා ඔය පපුතුර
මගේම කර දෙනවානම්....
June 24, 2012
June 22, 2012
කුමුදුණියන් සුපිපෙන
තනිකම හඬවන
සීතල නවම් මහේ.............
නුඔ ගැන මතකය
වද දුනි මසිතට
එන්නේ කවදා මෙහේ...........
ගිනි අවි තුරුලුව
වැහි අව් නොදැනුන
ආදර හිමි සඳුනේ...................
නුඔගේ ආදර
උරහිස අද්දර
ඉන්නයි මඟ බැලුවේ...............
රට දැය සමයට
ඔය හිත දුන්නට
තරහක් නොමැත මගේ.............
කඳුලක් ඉඳහිට
නෙතු මත උන්නට
මම ආදරෙයි අනේ.................
June 20, 2012
අප්පච්චී
කඳුලු නෙතඟ පිසදාලා
මට ලංවුන අප්පච්චි.....
ඔබ තරමට ආදරේ කල
කෙනෙක් උන්නාද අප්පච්චි....
බත සරි කලේ අපි වෙනුවෙන්
බත් නැතිවද අප්පච්චි......
දුක දුරු කලේ අපි ලඟ තිබු
දුක් විඳලයි අප්පච්චි......
සොඳුරු වචන අඩු වුනාට
නුඔ සොඳුරුයි අප්පච්චි.....
අපිව අපිට දුර උනාට
බුදුසරණයි අප්පච්චි.......
මට ලංවුන අප්පච්චි.....
ඔබ තරමට ආදරේ කල
කෙනෙක් උන්නාද අප්පච්චි....
බත සරි කලේ අපි වෙනුවෙන්
බත් නැතිවද අප්පච්චි......
දුක දුරු කලේ අපි ලඟ තිබු
දුක් විඳලයි අප්පච්චි......
සොඳුරු වචන අඩු වුනාට
නුඔ සොඳුරුයි අප්පච්චි.....
අපිව අපිට දුර උනාට
බුදුසරණයි අප්පච්චි.......
June 15, 2012
කඳුල
නෙතින් මතුවූ
උණුසුම් කඳුළු කැට
උණුසුම පහව ගොස්
මිදී වියලි ගිය විට
ගෙනදෙයි සහනයක්.....
නෙතින් නොපැන්න
සිරවුණු කඳුළු කැට
හදවතෙහි සිරවී
වේදනාකාරී
සුසුම් ගෙනදෙයි.....
එබැවින්,
සිත නිවෙන්න
ඔබ හඬන්න.......
උණුසුම් කඳුළු කැට
උණුසුම පහව ගොස්
මිදී වියලි ගිය විට
ගෙනදෙයි සහනයක්.....
නෙතින් නොපැන්න
සිරවුණු කඳුළු කැට
හදවතෙහි සිරවී
වේදනාකාරී
සුසුම් ගෙනදෙයි.....
එබැවින්,
සිත නිවෙන්න
ඔබ හඬන්න.......
June 8, 2012
හිනහී ඉදින්...
හිනහී ඉදින් මගේ සද
මගේ නොවුනාට කම් නැත.........
කඳුලැල් මතින් දිවිමඟ
මට ජයගන්න වෙර ඇත..............
සොඳුරුයි සිතුනු දිවිමඟ
කඳුලැල් උනත් කම් නැත............
ඔබ මෙන් මමත් හිනහෙන
දිනයක් උදාවනු ඇත...............
මගේ නොවුනාට කම් නැත.........
කඳුලැල් මතින් දිවිමඟ
මට ජයගන්න වෙර ඇත..............
සොඳුරුයි සිතුනු දිවිමඟ
කඳුලැල් උනත් කම් නැත............
ඔබ මෙන් මමත් හිනහෙන
දිනයක් උදාවනු ඇත...............
June 7, 2012
June 5, 2012
#KGකවි
ඔතා යමක් මැදට දමා තුනී ලියුං කොලේ
සිතා අහස ළඟ ළඟමය කියා උරන වෙලේ
පිතා ළඟට එනු නොදැකම ඔතා උරපු කලේ
කතා නොකර දුම ඇරියම කණක් වැදුනි පොලේ
සිතා අහස ළඟ ළඟමය කියා උරන වෙලේ
පිතා ළඟට එනු නොදැකම ඔතා උරපු කලේ
කතා නොකර දුම ඇරියම කණක් වැදුනි පොලේ
June 4, 2012
Nature Lovers
අභය භූමිය බලන්න
අපිත් යමු නුදුරෙදිම
බැරි නොවේවි
රෑ කෑමට
දඩමසුත් හොයා ගන්න
එනගමන් බලන් එමු
පඩිපෙලට කුඹුක් ගස්
බිත්තියට කොටි හමක්
කොහෙන් හරි
රැගෙනෙන්න
අපිත් යමු නුදුරෙදිම
බැරි නොවේවි
රෑ කෑමට
දඩමසුත් හොයා ගන්න
එනගමන් බලන් එමු
පඩිපෙලට කුඹුක් ගස්
බිත්තියට කොටි හමක්
කොහෙන් හරි
රැගෙනෙන්න
June 1, 2012
Subscribe to:
Posts (Atom)