Showing posts with label කාංචනා අමිලානි. Show all posts
Showing posts with label කාංචනා අමිලානි. Show all posts

March 3, 2012

ප්‍රථම වරද

රාත්‍රිය අත සියලු වරදය
ප්‍රථම හාදුව ඔය විදිහමය
අකුණු සැරයක කාන්තිය ගෙන
හදවතේ ලොකු ඉඩක නැවතෙන
සටන් කරනට පොළඹවාගෙන
යටත් වෙන්නට ඉඟි කරන එක
ප්‍රේමයේ එක් මායමකි තව

March 1, 2012

වෙනස

වඩාත් විනීතව
ලිපියක්ද දී
නැවත හැරී යන
සමනල

හොඳටම දගකාරව
මුහුනතම සිප
එහිම නවතින
මී මැසි

February 27, 2012

එළි

ඔබ ගිය තැනක නොසිට
කණාමැදිරි එළියක් සේම
පුංචි එළි පත්තු කරන විට
මම කුමක් කියන්නද
සුපෙම්වත

February 25, 2012

කුරුළු පිහාටු සුප්

මටත් හොටක් ඒවිද
බීවොතින්
ඒ සුප්
කියව කුරුල්ලනි
ඔය හොට’ගින්ම

February 22, 2012

නොගැලපෙන

ඒ අවන්හල
මා කෙහෙ‍රැලි කිතිකවන
කොපමණ කියන්නද
රවුම් මේස අපිට නොගැලපෙන බව

February 20, 2012

රළ

රළ නඟන එක් තැනක්
හැමදාම මතකයේ තබාගෙන
කඳුළක් වට්ටවමි

February 18, 2012

හදවතේ විදුලිය

නවතින්න හිතන විට
කඩා හැළෙයි කාන්තියක්
ඇස් පසාරු කළ
හදවතේ විදුලිය ඉතිරි කළ
අමුතුම කාන්තියක්

ඔබ කොහේවත් නැති
මට නැවතීමක්ද නැති

February 16, 2012

ප්‍රේම අංශු

ඔබ දිරා ගිය පත්‍රයක්
ඈත ගැඹුරු මුහුදක
අංශු ලෙස පතිත වුණ

November 7, 2011

පුරහඳ

රහසින්වත් පෙම් නොකළ
පුරහද
අන්න දෙපලු කරගෙන
හදවත

November 5, 2011

ප්‍රේමය
කතා කරනු බැරිව ගිය
සෙල්ලම් බෝනික්කෙකි
තවමත් විසි නොකළ

June 12, 2011

සිංහලෙන් හඬන

උමතු පිහා‍ටුවක්
සිංහලෙන් හඬන
ඉංගිරිසියෙන්
කඳුළු පිසලන
මගේ ළඟ
තවම

June 7, 2011

Rest Room

ඇදි පු‍ටු ඔරවයි
බරට
තම හදවත මත නැඟ
නිදන
කම්මැලි ගැහැනුන්ට

ඒ ගැහැනුම
බැණ වදියි
සුව නොදෙනවාට
නිදන්නට
මහලු ඇදි පු‍ටුවලට

June 3, 2011

මදුරු කොයිල්

ආලය
මදුරු කොයිල් කර
රවුමට
රවුමට
ගිනි ගන්නට

රවුමට
රවුමට
අළු වැටෙන්නට
සකසා විකුණමු
අපේ නම් එක් කර

May 22, 2011

මහිත් මිදුල
අමදින සද
මැකී ගිය
පා සටහන
ඔබ

May 17, 2011

ගිනි කොපමණ
රන්වන් ද
ඇවිළෙන විට
අනුන් ගෙතුළ

May 11, 2011

ඇය
මා මෙන් සිනාසෙයි ද
තරු කැත බව
ඔහු කී විට

May 6, 2011

රහස
හරි උනුසුම්
අතින් අතට
මාරු වීලා ම

March 7, 2011

අනුන්ගේ හඬ

හොඳින් සුසර කර ගත්
අනුන්ගේ ප්‍රේමය
සැගවිය හැකිද
නින්නාද දෙන විටත්
ඉතා මිහිරිව

March 5, 2011

තුත්තිරි ගහක්

ඔබ
කොපමණ
උස වුවද
මම
මුලින් ඉදිරී හෝ
පැමිණ
එකම වරක්
ඔබ සිඹිමි

February 20, 2011

ලයිසන්

ආදම්ට
මොකටද ලයිසන්
දෙයියන්ගෙ උයනේ
ගස් කපන්න