සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
ලියා එව්වේ - Hare :-)
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
ලියා එව්වේ - Hare :-)
පත්කර යැවූ පසු රොත්තක් මනාප දී
එලවාගනු නොහැක පේනා කපේකදී
දෙස් පාලනය ගොහොරුවකැයි ගිගුම් දිදී
ගොඩ සිට විරිත්තාගෙන අප අරන් බුදී
මඩක ලගින හරකුන් ඇත සුදු ඇඳලා
වෛවාරන්න පාටට අපෙ හිත බැඳිලා
පාටින් හීන දකිමින් ඇස් අන්ධ වෙලා
ඉපදුන කරුම කියමින් යයි නාකි වෙලා
ලියා එව්වේ - Hare :-)
සිවිලිමේ එල්ලී කැරකෙන
විදුලි පංකාවේ වේගය
වෙනස් නොවේ
ඔබෙ සුසුම්වලින්
වෙන්ව යා යුතුයි දැන්
ඔබත් මමත්
ඇයගේත් ඔහුගේත්
ලෝකවලට
ලියා එව්වේ - Hare :-)
ලියා එව්වේ - Hare :-)
යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින්
ගෙවු අතීත මතකය යලි අවුළුවමින්
නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින්
ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින්
ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ
වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ
දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ
ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ
ලියා එව්වේ - Hare :-)
ලියා එව්වේ - Hare :-)
නගරයේ දියුණුවෙන්
උඹ අත්පත් කරගත් දේත්
නගරයේ දියුණුවට
උබට පුදන්නට නොහැකි වූ දේත්
අතර හිස්කම දුරු කරන්නට
හන්දි ගානේ වැඩ සිටිමි
ලියා එව්වේ - Hare :-)
මැරෙන්න බය වෙයිද
නොවෙයිද
දැන්ම කියන්න බෑ මට
ඒත් මැරෙන මොහොතේ
ජීවත් වෙන උඹලා දිහා බලා
මම කියයි
"හොඳ වැඩේ තොපිට"
ලියා එව්වේ - Hare :-)
තඩි මහත ලිපිගොනු
කඩදාසි පුරවපු
උවමනාම කඩදාසි නැති
අනවශ්‍ය ඒවයින් මහතැති
පිරුණු බව ෂෙයා කරන
ජීවිත අස්සෙ හිස් කමත්
ඒ වගේමදැයි හිතන්නට
මට අයිතියකුත් නැති
ලියා එව්වේ - Hare :-)