Showing posts with label රස්තියාදුකාරයා. Show all posts
Showing posts with label රස්තියාදුකාරයා. Show all posts

August 7, 2015

විහගකට ඉතිරි කල

ගසකට තියෙනවා
සුරකිව තබා ගත්
කවියක්.

විහගුන් ඈත
ඉගිල ගොස්
නැවත ආ පසුව
කියවන්න ඉතිරි කල...ම

August 6, 2014

...තරු හා මම...

අහස උනත් දන්නවා 
තරු 
වටින බව 
සඳට 
වැඩිය..

තරු නිශ්ශබ්දයි 
සඳ සන්නද්ධයි 

තරුව 
උබත් නිවි නිවි
දැල්විය යුතුය.
මං වගෙම
මැරෙනකන්ම...

February 5, 2014

ඔබට නොපෙනේද..!

සයුරු තෙර, මඟ හසර නොම දැන
අතරමං වන විසල් නැවු මත
පාර කියනා ප්‍රදිපයකට
ඇයිද මග කියනු බැරි
මා සතුව ඇති කුඩා
ඔරුවට..!

January 27, 2014

කියා දෙන්න මට

ඇද වෙච්ච අකුරු
වලින්..
හැඩ වෙච්ච ඔය
දැස..
කැටයම් කරන්නෙ
කොහොම
මම...!

December 30, 2013

ප්‍රති උපකාර

ස්තුතියි...
ඔබ මට දුන්න පුංචි දේවල් වලට
බොහොම ස්තුතියි...
ඔබ මගෙන් ගත්ත ගොඩක් දේවල් වලට

November 27, 2013

වර්ණ...

සුදු පාට රෝස පෙති මත
රතු පාට කඳුලු බිඳු
රටා මවන
අපූරුව..!

September 23, 2013

දැන්විමයි...

ආදරය...මගේ විකිණිමට තිබේ
ණයට ඉල්ලා අමනාප නොවන්න...
එසේ කිරිමෙන් ආදරයත්, මාත්, ඔබත් ..
යන තිදෙනාම මට
නැති වේ...

September 12, 2013

ආරම්භයක් නැති අවසානය

ආදරය කියා ගන්න
අකුරු ගලප ගන්න බැරි
මම.....
කොහොම වචන ගලපන්න ද
කවි ලියන්න......

September 5, 2013

කලු සුදු ආදරය...

එහේ මෙහේ ගිය ඉරි කෑලි
සුදු කොලයට කලු පාටින්
රටා මවපු......
වර්ණ අතර, අතරමං ව
චිත්‍රය ඇදපු....
සිත්තරා මං..