දෝතට ගෙනත් ගඟ දිය
යළිත් දැමුවෙමි ගඟටම
අක්කා හංගන් මේ ගඟ
ගියපු හැටි සිහිවී
සුවඳ මල් නැති
ක්‍රෝටන් යාය යට
උඳුපියලිය මලේ
සිනහව
උපහාසයක් මට
මා බලන්නට
නොආවෙන්
ඔන්න මම
නුඹ බලන්නට
ගෙදරටම ආවා
විඳින්නට අකැමැතිව
මහ පොළවෙ මුදු පහස
කදුරු මල් බොහොමයක්
පරව ගියමුත් තවම
අතු අතර හිරවෙලා....
පුදුමයක් නොවෙයි
මේ දුරුතු සීතල නොදැනෙන්න
විරහවේ ගින්දර
තාම හිත ඇතුළෙ
වෙලාදෝ මෙතන
ඊයෙ පෙම් රණ්ඩුවක්
වැටී ඇත අළු කොබෙයි
තරුණ තටු කිහිපයක්...
සිනිදු පර මල්
වලින් ගැහුටව
රිදෙනවද?
සද්දන්ත පොළවට