Showing posts with label මධූ කලංසූරිය. Show all posts
Showing posts with label මධූ කලංසූරිය. Show all posts

August 22, 2011

ඇය..

සන්සාර සිහිනයේ
සක්මන් කරන්නී...
නුඹම පතාගෙන
සසර සරන්නී...
නුඹ නමින් සැමදා
පේවී හිඳින්නී...
ප්‍රේමයේ සොඳුරුතම
දිව්‍යාන්ගනාවී.....

August 18, 2011

පපුතුරේ සැඟවිලා
විඳගන්න ඔය සුසුම්..
ඇසිල්ලක් දෙනවාද
එකම එක වතාවක්

නෙතු පතුලේ කිමිදිලා
අහුලන්න පෙම් හැඟුම්..
නුඹේ නෙතු එළිය ඇති
ඇත්තමයි රත්තරන්....

July 24, 2011

තරු දෙනෙත දිළිසෙමින්
ආදරෙයි කීවාම...
පපුතුරේ හැන්ඟෙමින්
උණුසුමක් සෙව්වාම...
දාලා යන්නේ කොහොම මන්
ජීවිතේ නුඹ ගාව.......,,,

July 17, 2011

"ආදරය" යන
නිමක් නොදකින අනන්තය
මම, ඔබේ නෙතඟින්
බලාඋන්නෙමි...
මගේ ලය මත තැවරූ
සුසුමින්...
ඔබේ සුවඳ තව
රිදුම් දෙන්නෙමි......

July 14, 2011

"ආදරය" යන
නිමක් නොදකින අනන්තය
මම, ඔබේ නෙතඟින්
බලාඋන්නෙමි...
මගේ ලය මත තැවරූ
සුසුමින්...
ඔබේ සුවඳ තව
රිදුම් දෙන්නෙමි......