February 28, 2023

ටවුන් එකේ කොන්ක්‍රීට් මුණි!

නගරයේ දියුණුවෙන්
උඹ අත්පත් කරගත් දේත්
නගරයේ දියුණුවට
උබට පුදන්නට නොහැකි වූ දේත්
අතර හිස්කම දුරු කරන්නට
හන්දි ගානේ වැඩ සිටිමි

 

ලියා එව්වේ - Hare :-)

February 24, 2023

මැරෙන මොහොතේ...

මැරෙන්න බය වෙයිද
නොවෙයිද
දැන්ම කියන්න බෑ මට

ඒත් මැරෙන මොහොතේ
ජීවත් වෙන උඹලා දිහා බලා
මම කියයි
"හොඳ වැඩේ තොපිට"

 

ලියා එව්වේ - Hare :-)

February 23, 2023

නැටි!

නැටි
තිබුණ නම්
අපට

වනල
වනලම
කැඩිල
මෙලහට

- ඉන්දික ගුණවර්ධන

නැටි
තිබුණ නම්
අපට

පොඩිකාලෙම කපයි
නැත්තං උගන්වයි
පු.කේම ගහන් ඉන්න

- මම

 

ලියා එව්වේ - Hare :-)

February 14, 2023

ලස්සන ගෙයක්!

මොකටද 
ලස්සන ගෙවල්
උස තාප්පයක්
හදාගත්තම

 

ලියා එව්වේ - Hare :-)

February 8, 2023

පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කල නිලධරයාගේ සිතුවිල්ල

තඩි මහත ලිපිගොනු
කඩදාසි පුරවපු
උවමනාම කඩදාසි නැති
අනවශ්‍ය ඒවයින් මහතැති

පිරුණු බව ෂෙයා කරන
ජීවිත අස්සෙ හිස් කමත්
ඒ වගේමදැයි හිතන්නට
මට අයිතියකුත් නැති

 

ලියා එව්වේ - Hare :-)

 

 

February 6, 2023

ප්‍රමුඛතා!

සුදු කැකුළු දෙකයි
ළූණු ගෙඩි තුනයි
හඳුන් කූරු පෙට්ටියයි
සීයගේ බඩු මල්ල
සම්පූර්ණයි

 

ලියා එව්වේ - Hare :-)