Showing posts with label Ansh Lucky Sri Jay. Show all posts
Showing posts with label Ansh Lucky Sri Jay. Show all posts

December 16, 2010

අපේ ආදරය සහ ඌ

source code එකේ..
error එක හොයා ගන්නකොටම,
virus attack එකක්..

December 14, 2010

පසුවදන

බතී...,
මං අරවින්ද
ශාජහන් ගැන තාම හදාරණ...

December 10, 2010

යථාර්තය

කිසිවෙකුත් නුදුටු,
නුඹ පමණක්ම දුටු...
මා සිත පීදුණු කුළුඳුල් පෙම් මල,
නුඹ අත පැන් වැඩූ පෝරුව පාමුළ..
පුන්කළසක් ළඟ,
පරව ගියා....

December 8, 2010

අසම්මතය

ඈ මගේ...
ඒත්, මා උඹේ,
උඹ කාගෙද කියලා
මං තාම හොයනවා..
හැබැයි තුන් තිස් පැයේ මොර දෙන මූ නම්,
අරූ ගේ කියලා රට්ටු කියනවා.

December 6, 2010

තනිකඩ මං

මම බලාන උන්නා කනතුරු,
ඒත්....,
ඇම දාලා තියෙන්නෙ ගොළු මුහුදට...

December 4, 2010

නුඹ සහ මම

නුඹ, කාලාවරෝධය ඉක්ම ගිය..
චෙක්පතක් විය,
මම එහි ආදායකයා වූ සඳ..!

December 2, 2010

හත්වලාමයි

පත් ඉරු පුරා අකුරු කළ..
කුළුඳුල් පෙම් කව,
විරහ කවක් වුණු වගයි..
උඹේ සංස්කරණයෙන්..!

December 1, 2010

යථාර්තය

කිසිවෙකුත් නුදුටු,
නුඹ පමණක්ම දුටු...
මා සිත පීදුණු කුළුඳුල් පෙම් මල,
නුඹ අත පැන් වැඩූ පෝරුව පාමුළ..
පුන්කළසක් ළඟ,
පරව ගියා....

මම

සඳ එළියෙන් සනහනු ලැබූ..
උදූළ තරු කැටය මම,
සඳ බැස ගිය සඳ..
අඳුරට පෙම් බැඳි...

(නො)කී කව

විජිතයම කළුවරව..
මියෙන සඳ සීතලේ,
පායාපන් ගුරු තරුවේ...,
සොහොන ඉද්දර මගේ...

උඹේ පෙම..

අවිනිශ්චිත ගිණුමකට
මාරු කළ ශේෂයකි..
කොයි වෙලේ කොයි ලෙසක,
අහෝසි වනු දැයි නොදත්..