Showing posts with label මහේෂ් මධුරංග. Show all posts
Showing posts with label මහේෂ් මධුරංග. Show all posts

May 13, 2012

නිදහස

ලිහිණිය ,
අප
නිදහස් පියාපත්
අතැතිව

අනුන්ගෙ කූඩුවල
නිතරම .

November 3, 2011

ප්‍රේමාතුරයා

හිතවතිය ,
මා
ප්‍රේමයෙන්
ආතුරව

ඔබ
දුම්මල වරම
අතැතිව .

September 9, 2011

ඉරිසියාව.

තුරු සිරස
මුදුනින්ම
සුපිපි
අර-ලිය මලක්,

හිනෙහෙනා
අයුරු දැක
ඔරවනා
බිම් මලක්.

July 29, 2011

කැඳ බඳුණ

ඇය
පළුදු වූ
කැඳ බඳුන

කැඳත් ,
රැවුලත්

මහට
අහිමි කළ .

July 12, 2011

කරපිංචා

අත්ත බිඳ
පත්‍ර සිඳ
හොද්ද මත
වැටුනු මම

හොද්දෙ රස
බැලුව පසු
පැත්තකට
දමපි ඇය

February 27, 2011

කුප්පි ලාම්පුව

මවයි එළි
සිනහ මල්
හිඳෙන තුරු
භූමි තෙල්

January 17, 2011

දෝංකරය

කඳු පුරා
පල්ලම් බහින
අන්දිරිස් ගේ
කන්නලව්ව