October 21, 2022

සුළු ආදරය

වෙරළ සේදූ රළක්
යළිත් මුහුදට ගලද්දී
දැවටෙන පෙන රළු වැලි මත
මොහොතක් වැඩිපුර රැඳෙයි
සර සර හඬින් පිපිරී යයි
එහෙම
ආදරේ ඉතිරි වෙන්නෙම
පොඩි පොඩි තැන්වල
පොඩි පොඩි වෙලාවකට

 

ලියා එව්වේ - Hare :-)

October 19, 2022

දෑස කට සහ මාස්ක්

සිනාසෙන දෑසට යටින් විරිත්තයි
හඬන දෑස සමග සිනාසෙයි
සතුටු දෑසින් දත්මිටි කයි
දුක් දෑස සමග මන්දස්මිතයි
දැන්
දෑස සමග සබඳතා නැත
මාස්ක් එකට වැසුණු කටට

 

ලියා එව්වේ - Hare :-)

October 18, 2022

ඇඟලුම

සැම උදෑසනක
අවදිව දත් මැද
සෝදා මුව සූදානම්ව
ඇඟලාගමි
සිනහව පිරි
අනෙකාගේ මම නම්
ඇඟලුම
 
ලියා එව්වේ - Hare :-)