July 3, 2020

ඝණ ද්‍රව වායු

'හරි අමාරුයි ඝණ එක්ක
ගිහින් වදිනවා හැම තිස්සෙම'
ද්‍රව එහෙම කිව්වා

'ඒකට මට....'
වායු කට ඇරියා
'මට උඹෙනුත් කරදරයි ද්‍රව...'

ඝණ නිහඬවම හිටියා

ලියා එව්වේ - Hare :-)

June 11, 2020

සරුංගල් රාත්‍රිය

නිරිත මෝසමෙන් ගුවන් බට
සරුංගල් විසි පහක් ගැණ
උදා වූ රාත්‍රී මැදියමකි

ගල් ගලින් දියකර මත්ව
රති සැපයෙන්ද තෘප්ත
මා උඳුවප් මිහිඳු සඳ යට

තුරු පත් නගන සිරි සිරිය
ගාලු පාර හූරන සක කෙලිය
ඈත උඩුබිරුලෑම විඳගෙන

සිමෙන්ති තාප්පය යා කරන
සුදු නූලක් විහිදුවමි
සරුංගල් පාවීමක මත්ව


ලියා එව්වේ - Hare :-)

February 26, 2020

සෝෂල් ජීවිතය

දුක් කතාවලට සෑඩ්මි
පුක් කතාවලට හාහාවෙමි
වැදගත් කතාවලට ලයික්මි
බලු පැටවුන්ට හාට්මි
නොදත් කතාවලට කට බලියමි
එකඟ නොවන විට රතු වෙමි
බුකි වෝලයේ ගාටමි
සෝෂල් ජීවිතේ ගෙවමි