Showing posts with label රසිකා කුමාරිහාමි. Show all posts
Showing posts with label රසිකා කුමාරිහාමි. Show all posts

April 6, 2011

දෙවිවරුනි
කල් ඇතුව
පහන් එළි
දල්වන්න.
හිල් හැදුණු
අහස මත
තරු ලෙසින්
බබළන්න!

April 4, 2011

මගේ භූමිය
ලකුණු කරගමි
ප්‍රේමයේ
කහවණු වලින්.
...
මිලට ගැන්මට
ඔබට නොහැකිය
වැඩි මිලට
විකුණන හෙයින්!

April 2, 2011

අන්තිමම වැහි බිඳත්
හැලීගිය පසු
පුරවන්න හිස් බඳුන්
හිතන එක බොරු!

March 15, 2011

පොරවක් ගෙන එන්න
කපා දමනු පිණිස
පලක් නැති
නියපොත්ත!

March 12, 2011

ඉක්මනට
කවුරුහරි
පහනක් දල්වනවද?
සොයා ගන්න තුරු
මගේ පහන!

March 10, 2011

අතර මග නතර වුන සුළඟට
අතවනා එන්න යැයි සන්කර
හදවතේ අඳුරු කුටියක් ඇර
පහන් දල්වන්න අවසර මට!

March 8, 2011

රෑ පුරා
මල් හීන අතුරමි.
උදෑසන
වවුල් හප ඇහිඳිමි!

March 4, 2011

ඉක්මනට
කවුරුහරි
පහනක් දල්වනවද?
සොයා ගන්න තුරු
මම
මගේ පහන!

March 1, 2011

අතීතය සොයා යන
බොහෝ අය
යළි නොඑති
එහි ගිලෙති!

February 26, 2011

මුහුණට මුහුණ
සටනින්ද
පණ එපා කියා
දිවුමෙන්ද
ජය ගත හැක
ජීවිතය...!

February 25, 2011

කන්ද....
ගස් වලට වඩා උස්.
කන්ද මුදුනෙ ගස්
කන්දට වඩා උස්!

February 22, 2011

දොරක්...!
කොයිතරම් බලවත්ද
ලොවෙන් සැඟවිය හැකි
ලොවට හෙලිකල හැකි
ගෙයක් !

February 19, 2011

අහසෙ ඉඩ මදිකොට
වලාකුළු ටික පනී කන්දට
කන්ද කරබාගෙන
කඳුළු ඇළි අතහරී පොළොවට!

February 10, 2011

ඒ සැන්දෑවේ
රතු වලාකුළු
බටහිර අහස පිරෙන්නම...

ඔබ නැතුව
තනියෙන්ම
මං ඔහේ ඇවිදගෙන...

පාලු ගෙදර
දොර අරිද්දී
රතු වලාකුළක් ඇස්වල...

February 7, 2011

පොකුණු ජලයෙන්
තම මුහුණ දුටු
තරහ ගිය කපුටෙක්.
"මේ ජරා කොකත් නැති තැනක් නෑ."

February 4, 2011

කෙම් බිමක මා
පිපාසව
කතර මැද ඔබ
සංසිඳී !

January 31, 2011

....සිත....

බඳින බඳින තරමට
ලෙහෙන
ලිහන ලිහන තරමට
බැඳෙන.!

January 27, 2011

යුරේකා!

යුරේකා! යුරේකා!
සොයා ගත්තා
අඳුරේ වේගය
ඔබ- මා- හැර- ගිය- දින!

January 24, 2011

ගිලිහෙන්න ලං ළංවූ
මලක් වුව
සිහිල් සුළඟකට
දොර වසනු නැත!

January 15, 2011

සඳක්...

කැටපතෙන්
සඳක් නරඹයි
සඳක් යට!