Showing posts with label බූට් සපත්තුව. Show all posts
Showing posts with label බූට් සපත්තුව. Show all posts

May 21, 2011

♫සරම♫

වැස්සට
තෙමෙනඔලුවට...
"අඩියක්"
දැම්ම විට
කැහැපොට..
කුඹුරට
අමුඩයට...
අහො...
ඇහැරුණු විට
ඇඳ යට..!!!

March 17, 2011

කොට්ට

පුලුන් කොට්ටයක්
හෙව්ව මට
සිමෙන්ති
කොට්ටයක්.....!!!

[බදාගෙන නිදාගන්න බැරිවුනත් මනා ගෙයක් හදාගන්න පුලුවන් නොවැ...!!]

March 14, 2011

මම තරු
අතරින්
නොමැරුණු
තරුවක්
සොයමි...

[තරු මැරිලත් සෑහෙන කාලයක් පෙනෙනවා නොවැ...!!]

March 11, 2011

හදිස්සිය

විද්දෙ
පදුරට..
වැදුනෙ..
හාවට..

දැන් ඉතින්
හාමස්..
කාපන්කො..!!!

[හපොයි මගෙ සිල්පදය..!!]

March 8, 2011

සපත්තුව

ගන්නකොට
හරි ගාන..
"පිට්වුනා"
කකුලට..

දැන් හරියට
හිරයිනෙ..
මාරුකරල බලමු
වම් කකුල
දකුනට..
දකුනු කකුල
වමට...!!

[ආදරෙ අන්ධයි නොවැ....!!]

February 21, 2011

♠බෝක්කුව♠

එනවා යැයි
පොල්ල තිවු..
විට..

තනි නොතනියට
කකුල් කෙටිය
රිදෙනවිට..

පිහිට වූ
නුඹ..!!

February 18, 2011

කුරිරු
ඔහු
හා
නපුරු
ඇය
අතර
තැලෙන..
අහින්සක
ප්රෙමය..!!!

February 13, 2011

මහ පවුරු වැනි
පෙර්ම අබියස
මගෙ පෙම වැලි
ගොඩක් පමණය..

අහස තරමට
පෙම් "කලද?" මම
නුඹට තව එය
"එකක්" පමණය..