Showing posts with label මලී. Show all posts
Showing posts with label මලී. Show all posts

May 2, 2013

පෝය දා රෑට පන්සල

පැණි පෙරන
සිල් වඩන
පෙම් පුරන
පිං වඩන
දනෝ

එති...
යති...

පහන් දල්වති
පැන් ඉසිති

නිවන් දකිති (?)

April 9, 2012

කවි රහිත ආදරය

වචන රහිතව
නවකතාවක්ම ලියවෙද්දි
කවියකින් පුරවන්න
හිස් තැනක්

කොහින්
හොයන්නද?

January 30, 2011

එතකොට මම?

මම ඔයාගෙ පාට සේරම
කලවම් කරන වතුර බින්දුව
එහෙම නැත්තං
පාට සේරම එකතු වෙලා හැදෙන
බලිකුරුටුව

January 23, 2011

උවමනා කර තිබේ...

මගේ
(මි/හ)තුරන්ට
ගැලපෙන
වෙස් මූණක්

මට
හැංගෙන්න
බිත්තර කට්ටක්...