දෙතොල් වියළී
උගුරු දණ්ඩ සිරවී
සිරුරේ රුධිරය උණුවී
වැගිරෙමින්
මා කම්පිතව ගිය
හදිය කැටි
රියේ ඉදිරිපස බුමුතුරුණේ රැදි
කොණ්ඩා කටුව කාගෙද
Showing posts with label පුශ්පා කලුබෝවිල. Show all posts
Showing posts with label පුශ්පා කලුබෝවිල. Show all posts
June 27, 2013
June 25, 2013
වෙනස
ප්‍රියතෙපුල් තෙපලමින්
ඔබට තුරුල් වී
දඬු මොණරේ
ඉගිලෙන්නට පැතූ මා
රියදුරු නිල ඇඳුමට මුවා වී
සැප පහසු රියේ
පසු පස අසුනේ තනිව
සිරකාරි වී
ඔබට තුරුල් වී
දඬු මොණරේ
ඉගිලෙන්නට පැතූ මා
රියදුරු නිල ඇඳුමට මුවා වී
සැප පහසු රියේ
පසු පස අසුනේ තනිව
සිරකාරි වී
June 20, 2013
නාඳුනනා අංකය
රෑ තුන් යම නිදි නොමැතිව
හිත කීරි ගස්සන
සැකෙන් නිතර වද දෙන
ඔබේ දුරකතනයේ දිස් වූ
වැඩිම වරක් එහා මෙහා කරකැවුණ
නොහදුනන අංකය
පිළිකයක් වීද කුලගෙදර
සියල්ල වනසා දමන
හිත කීරි ගස්සන
සැකෙන් නිතර වද දෙන
ඔබේ දුරකතනයේ දිස් වූ
වැඩිම වරක් එහා මෙහා කරකැවුණ
නොහදුනන අංකය
පිළිකයක් වීද කුලගෙදර
සියල්ල වනසා දමන
June 18, 2013
හිච්චියේ
රන් දොලාවෙන් නුඹ කැන්දන්නට
කෙනෙක් නැතුවට කම් නැත
නුඹ නාඩන් මයෙ හිච්චියේ
වැලේ ගෙඩිය බර නෑ වැලට
මගේ හුස්ම යනතුරු මන්
නුඹ රැක ගන්නම්
රත්තරනේ
රට්ටුගෙ කට වැට බදින්න
අපට ඇහැක්දෝ
කෙනෙක් නැතුවට කම් නැත
නුඹ නාඩන් මයෙ හිච්චියේ
වැලේ ගෙඩිය බර නෑ වැලට
මගේ හුස්ම යනතුරු මන්
නුඹ රැක ගන්නම්
රත්තරනේ
රට්ටුගෙ කට වැට බදින්න
අපට ඇහැක්දෝ
June 13, 2013
අපහරණය
කෙලෙසීය තම කැකුල
පුබුදුලුවලූ පියාම
දිලිඳුකමට එරෙහිව
ඉසුරු සොයා
මව් නැව් නැගි සැනින්
පරෙස්සම ඈලියාවට ගිය හැටි
පුබුදුලුවලූ පියාම
දිලිඳුකමට එරෙහිව
ඉසුරු සොයා
මව් නැව් නැගි සැනින්
පරෙස්සම ඈලියාවට ගිය හැටි
June 11, 2013
June 6, 2013
සිහිවටනය
පෙරදා ඔබගේ
දසෑඟිල්ලේම නැලවුන
සොරාම මා අයිති කර ගත්
මගේ ඈදුම් බෑගයේ නිදන් ගත
උපන් ලපයක් සේ මතකයේ රැඳුන
පුංචි යතුරු රඳවනය
ඔබටත් තවම මතකද
දසෑඟිල්ලේම නැලවුන
සොරාම මා අයිති කර ගත්
මගේ ඈදුම් බෑගයේ නිදන් ගත
උපන් ලපයක් සේ මතකයේ රැඳුන
පුංචි යතුරු රඳවනය
ඔබටත් තවම මතකද
Subscribe to:
Posts (Atom)