Showing posts with label තනි අලියා. Show all posts
Showing posts with label තනි අලියා. Show all posts

March 7, 2014

රුවැති

රුවැති එදා මා පැතු පැතුමන්
තවම ඇත මගේ හද තුල
පැතුමි නොමියයි මගේ හද තුල
මාව මියයයි ටිකෙන් ටික අද

රුවැති නුබ දැන් ඇත දිවයයි
මගේ සිතුවිලි මාව හඩවයි
නුබේ පැතුමන් සිතට නොහැගවේයි
හදෙහි පැතුමන් සෙමින් පහවේයි

රුවැති,
සිතේ රිදුමන් හුරැයි මට දැන්
කදුලු නැත මට හඩන්නට දැන්
නුබේ නමින් මා හැඩු කදුලැල්
මටත් නොදැනිම වියැකි ඇත දැන්.

October 23, 2013

නුඹේ කඳුළැල්

පිරි කඳුළැල් සැළුණු නෙතඟින්
බලා හිඳී නුඹ ඈත අහස දෙස
බැලූ මුත් මා නුඹේ දෑස් දෙස
වරම් නැත මට කඳුළු සලන්නට

සිතෙහි ආලය පිරි ඇත තව
නුඹේ කඳුළැල් හිසරක් විය
වැදුනි හද වෙත රිදුම් දෙයි එය
කිරිමට අද කිසිත් නැත මට

පිසින්නට අද නුඹේ කඳුළැල්
සිතුවමුත් මම වරම් නැත මට
දැනුන මුත් දුක මගේ හද වෙත
කෙසේ නම් මා සනසවන්නද?