Showing posts with label
- බස්සි -
.
Show all posts
Showing posts with label
- බස්සි -
.
Show all posts
August 27, 2015
දුයිෂේන් කියන්නේ,
ආදරේ ගැන කුඩා කවියක්. . .
කුර්කුවේඋවේහි පොප්ලර්,
බලාපොරොත්තුව ගැන ලියපු හයිකුවක්. . .
පාව්කා කොර්චාගින්,
ඇකෝඩියනෙක ස්වර පෙලක්. . .
රතු චතුරස්‍රෙ,
කහ ගැහුන නවකතාවක,
රණ ගීත දළු දාන පිටුවක්. . .!
August 21, 2015
ආදරය
මගේ පපුතුරේ රැඳි
සුදෝ සුදු හිස් පිටුවකි
ඔබේ අත්ලත ඇති
වෛවර්ණ ක්‍රෙයෝන් කූරු අහුරකි
August 18, 2015
මට ඇත්තම කියන්න!
ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
මගෙ බඩේ පිපෙන්නේ මොන මල්ද?
පීරිසි වගේ පියෝනි මල්ද?
පැණි පිරුණු හත්පෙති මල්ද?
මේ තරම් සමනල්ලු පියාඹන්නේ ඒකද?
ඔය අතරෙ වල් රෝස පඳුරුත් තියෙනවද?
තියුණු කටු ඇනෙනවා රැවුම් පහරක් වැදෙනකොට
සමනල්ලු හිටි ගමන් මැරෙනවා දිගු දෙබැම සිහින් වෙනකොට
ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
ලෙඩේ ඇත්තේ මල්වලද? සමනල් තටුවලද?
July 29, 2015
හැබැහින් එන්න බැරි ඒකය
සිහින ඇතුලට නිතර හිස පොවමි.
දිවා සිහිනෙක රෝස පැහැයෙන් මත්වෙමි.
දිගැටි ඇහි දාර අග සරන්නෙමි.
බුහුටි අතැඟිලි අතර වෙලෙන්නෙමි.
අත්ල හොඳටෝම සීතලය
හැබැහින් එන්න බැරි ඒකය.
නොලියු කවි වැඩියෙන් රස ය.
ඇල්පෙනෙති තුඩුද මල් පුබුදා ය.
July 27, 2015
සරත් රැය
තාරුකා පවා
රහස් මුමුණන
සරත් රැය
July 24, 2015
දුම් රළකි පැල්පත් පියස්සේ
පිණිති වැහි අස්සේ
ලපැටි තේ දළු ගැස්සේ
කඳු හිස් අගිස්සේ
දුම් රළකි පැල්පත් පියස්සේ
July 20, 2015
ආදරේ සුනාමිය
ආදරේ සුනාමිය
හිසට ඉහලින් විහිදුනි
ඇහැට ලුණු දිය මුහුවුනි
හුස්ම ගන්නට අමතකව ගිය
තත්පරේකින් කාලක
දිය පිරී පෙණහළුද බරවුනි
"පටස්" ගා සිහිනයක් පිපිරුනි!
July 17, 2015
ජිග්සෝ ප්‍රහේලිකාවකි මම
බොකුටු හිසකේ රොදක්
මහ ගැඹුරු ඇස් දෙකක්
මන්දස්මිතයක් - කැතම කැත කැප් තොප්පියක්
සදහටම ගැලැවි ගිය
ජිග්සෝ ප්‍රහේලිකාවකි මම
දන්නෙවත් නෑ වගේ කොස්සන් හිනා පුපුරවන
පාලු හිස්තැන් තාම ඉඳහිට අතගාන
July 13, 2015
හත්පෙති
ශේන්යා,
උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ
හත්පෙති මල් පරවෙලා
දැන් බොහෝ කල් නෙව
කෙල්ලේ
July 10, 2015
මල්වෙඩි
එක්වරම හදවතේ මල්වෙඩිල්ලක් පුපුරන
දහස් ගණනක් මතක කැබිලිති ඇවිලෙන
"සූස්!" හඬකින් දැවී උණුවෙවී බිම වැටෙන
මූසලම පාළුවක් පමණක් ශේෂ වෙන
July 8, 2015
පින්තූර
මදක් අවපැහැ වුව,
කලකට ඉහත විසි කල,
පින්තූරයක් ඇත තව,
කනප්පුව යටින් එබි එබී මග බලබල...!
Older Posts
Home
Subscribe to:
Posts (Atom)