Showing posts with label කපිල ජයවිලාල් හේරත්. Show all posts
Showing posts with label කපිල ජයවිලාල් හේරත්. Show all posts

June 18, 2011

එදා දුටුව
ඔබේ රූ සපුව
මෙදා වියැකී ඇතත්
මතකයේ රැඳී ඇත
එදා ඔබේ රූ සපුව

June 13, 2011

හිරු එළිය මැද
වැටෙන
වැසි පොද
මවයි අමුතුම සිරියක්

June 8, 2011

පහන් කණුවක් යට
පරවූ මලක්
බිඟු පහස සොයයි

June 4, 2011

නිදන
මල් කුමරියව
ඇහැරවයි
හිරු කුමරු

March 7, 2011

නවතින්නට හැකිනම් සදහට
ඉඩතිබේ
නාඳුනන්නියකට වුවද
මගේ හද තුල

March 4, 2011

පිපී හිනැහෙන
මල් ඉත්තේ
පර මලක්
අන් මල් සමගම
හැනැහෙන්නට
වෙර දැරුවා

February 20, 2011

මැහැල්ලක්
තරුණ මවක්
ළදරුවෙක්
නොබි‍ඳෙන
තුන් ඈඳුතු
පෙම් පුවතක්

February 16, 2011

ඔබ ගැන
එක දවසක් දා
ඇතිවුණ පැහැදීම
ඉතිරි කා‍ලයේම
පශ්චාත්තාපයට
හේතු විය

February 10, 2011

මෙරුවෝ
ඔච්චරම ලස්සනද?
ජීවිතය
බිලිගන්නට දඟලන
පහන් සිල

February 6, 2011

අර බලන්න අහස
පොළොවේ
මල් පරදවන්න
අහසෙත්
රෑ මල් පිපිලා

February 3, 2011

අඳුර ගැලුවත්...

අඳුර ගලා ඇවිත්
මගෙ කුටියට
ඒත්
හදවත දිලෙයි
ඔබ නිසා