බා ගන්න මාලුවෙක් දෙන්නෙක්
අපිත් පෙන්නමු අලුත් ගම
ෆස්ට් වෙන්න, ඔක්කොම අතරින්
අපිත් දොඩවමු අලුත්ගම ගැන
පොර වෙන්න අනෙකට ඉහලින්
අපිත් ලියමුකො අලුත් ගම වත
ඈදවා අප අපගෙ සතුරන්
අපිත් විකුනමු අලුත් ගම අළු
අපි අපිම වෙනුවෙන්
අපි ඉහ ගමු කුමන වල උව
කල දුටුව කලියෙන්
