March 25, 2021

ආණ්ඩු සහ සොමි රැළි

ඉඳ හිට හෝදන් ගියත්
වෙරළ යළි ගොඩනැගෙයි
සියලු රැළි වෙරළේ වැදී බිඳී යයි
ඉතිං ඔබ එන්න රැළි හදන්
අපි වෙරළ වෙමු


ලියා එව්වේ - Hare :-)

March 21, 2021

ආමි නේවි එයා ෆෝස්

නිදහසේ වටිනාකම තියා
එහි තේරුමවත් නොදනිත්ද
මියන්මාරයේ ගිණි බිඳින 
අණට කීකරු යකඩයන්

උන්ට ඇත්තෙවත් නැද්ද ඔළුවක්
වැලපෙන හෘද සාක්ෂියක්
අරගලය ෆේල් යැයි සිතුවත්
දිවි පුදයි මිනිසුන් තාමත්

වචනෙන් රචනයෙන් ලස්සන
මනුසත්කම මහ මුලාවක්
ලෝකය එක යායක්නම්
ඇයි රටක් ගානෙ හමුදාවක්


ලියා එව්වේ - Hare :-)

March 10, 2021

උයන!

මල්ද පරව යයි
පත් වියලී වැටෙයි
උයන්පල්ලන් ස්ථාන මාරු වෙයි
උයන දරා වැජඹෙයි!

ලියා එව්වේ - Hare :-)

March 5, 2021

කිල් මයි ඩිජිටල් ලයිෆ්

මිනී මැරුමක
පවුල් අවුලක
පශ්චාත් ගොසිප්
දිග බුකි ලොජික්
පින්තූර නරඹමින්
හෑලි කියවමින්
තියරි හදමින්
දැනුවත් වෙමින්
අනුනුත් අප්ඩේට් කරමින්
ජනතාව හරි සතුටින්


ලියා එව්වේ - Hare :-)

March 4, 2021

පරණ මිනිහා

පේනවාද පිරිමි ගෑනු
නිදහස සොයන් යනවා
එක් හිතකින් ඈත් වී
වෙනත් එකකට ලං වෙනවා
මරණයත් ඉක්මවන් යන තරම්
ආදරේ වගෙ එකක වෙලෙනවා

ඉතින් ඒ පෙම් කතා වේදනාවක්නං
ඒ කනින් අහලා මේ කනින් විසි කරන්
හිත හයිය කරගනින්!
මොකද උඹ තාම
එක හිතකට ආදරේ කරන එක
ලෝකෙ හොඳම දේ කියල හිතන
පරණ මිනිහෙක්

ලියා එව්වේ - Hare :-)