ඇහිපිල්ලමක් යට
නවතින්න,
හැබැටම පිස්සුද..
තියෙද්දිත් ඉඩකඩ
ඇති තරම් මේ හදවතේ....
Showing posts with label රයිටර්. Show all posts
Showing posts with label රයිටර්. Show all posts
June 11, 2014
March 14, 2014
මොණරනැටුම් ගලට එන්න
වැහි බීරිම පාත් වෙච්චි
බක්මාසේ ළඟ දවසක
හීතල මීදුමත් එක්ක
මොණරනැටුම් ගලට එන්න
දිය සීරා රුරා යන
මොණරු නටන නැටුම් ගලට
පෑයුවත් හඳ නොපෑයුවත්
මොණරු එක්ක ගී ගයන්න
මතක ඇතුව කලිං එන්න
තරු වියනට යටින් එළුව
වැහි බීරිම යටින් ඉඳන්
තරු කීයක් පේනවාද
ගණන් කරලා මට කියන්න
බක්මාසේ ළඟ දවසක
හීතල මීදුමත් එක්ක
මොණරනැටුම් ගලට එන්න
දිය සීරා රුරා යන
මොණරු නටන නැටුම් ගලට
පෑයුවත් හඳ නොපෑයුවත්
මොණරු එක්ක ගී ගයන්න
මතක ඇතුව කලිං එන්න
තරු වියනට යටින් එළුව
වැහි බීරිම යටින් ඉඳන්
තරු කීයක් පේනවාද
ගණන් කරලා මට කියන්න
February 24, 2014
පෙම්බරී
නාහෙට අහන්නැති
පෙම්බරී...නුඹ මට
ඉහල ගියත් එකයි
පහල ගියත් එකයි
නහය ගාවට ගිලුන
මගේ නහයට උඩින්
අඟලක් ගියත් එකයි
දෙකක් ගියත් එකයි
නුඹ හන්දා ජීවිතේම
පටලා ගත් මට දැන්
උන්නත් දාහයි
මලත් දාහයි
පෙම්බරී...නුඹ මට
ඉහල ගියත් එකයි
පහල ගියත් එකයි
නහය ගාවට ගිලුන
මගේ නහයට උඩින්
අඟලක් ගියත් එකයි
දෙකක් ගියත් එකයි
නුඹ හන්දා ජීවිතේම
පටලා ගත් මට දැන්
උන්නත් දාහයි
මලත් දාහයි
February 21, 2014
නුඹ
හැදී හැදී බිඳෙන සිත
කෙදිනක නතර වේද
දුක් විඳ විඳවමින් තව
හැපී හැපී හඬනු ඇත සිත
මතු මතු අහිමි නුඹ සිහිකර
කෙදිනක නතර වේද
දුක් විඳ විඳවමින් තව
හැපී හැපී හඬනු ඇත සිත
මතු මතු අහිමි නුඹ සිහිකර
February 17, 2014
තාමත්...
දහස් ගණනක්
ඇවිද ගිය ඒ
වෙරල වැලි මත
අප දෙපා සටහන්
වෙන්නැති...
අදත් යන එන
මගදී නැවතී
ඒ, පා සටහන්
සොයනවා මම
තවත් නුඹ
දන්නැතුවැති
ඇවිද ගිය ඒ
වෙරල වැලි මත
අප දෙපා සටහන්
වෙන්නැති...
අදත් යන එන
මගදී නැවතී
ඒ, පා සටහන්
සොයනවා මම
තවත් නුඹ
දන්නැතුවැති
December 13, 2013
අනවසර පිටපත
මංම ලිව්ව මගේම කවි
මං යනකොට පාර දිගේ
මට විකුණනවා
කන්න බොන්න නැති වුනාට
අතේ සතේ හිඟ වුණාට
මංම ලිව්ව මගේම කවි
සල්ලි දීලා ගන්න හිතෙනවා
"ගන්න සර් ගන්න අයියේ
අපේ කාලේ කලා ලෝකේ
නමක් තියලා මැරිලා ගියපු
කවියෙක් ලියු පට්ට සිංදු"
මං යනකොට පාර දිගේ
මට විකුණනවා
කන්න බොන්න නැති වුනාට
අතේ සතේ හිඟ වුණාට
මංම ලිව්ව මගේම කවි
සල්ලි දීලා ගන්න හිතෙනවා
"ගන්න සර් ගන්න අයියේ
අපේ කාලේ කලා ලෝකේ
නමක් තියලා මැරිලා ගියපු
කවියෙක් ලියු පට්ට සිංදු"
December 2, 2013
Subscribe to:
Posts (Atom)