June 11, 2020

සරුංගල් රාත්‍රිය

නිරිත මෝසමෙන් ගුවන් බට
සරුංගල් විසි පහක් ගැණ
උදා වූ රාත්‍රී මැදියමකි

ගල් ගලින් දියකර මත්ව
රති සැපයෙන්ද තෘප්ත
මා උඳුවප් මිහිඳු සඳ යට

තුරු පත් නගන සිරි සිරිය
ගාලු පාර හූරන සක කෙලිය
ඈත උඩුබිරුලෑම විඳගෙන

සිමෙන්ති තාප්පය යා කරන
සුදු නූලක් විහිදුවමි
සරුංගල් පාවීමක මත්ව


ලියා එව්වේ - Hare :-)