Showing posts with label මුචලින්ද. Show all posts
Showing posts with label මුචලින්ද. Show all posts

October 30, 2011

System

නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්
ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්
වමෝ බැඳී "දියව් දියව්!" බෙරිහන් දෙත්
කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත්

May 27, 2011

කවියෝ

වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයා
නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා
කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා
හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා

March 13, 2011

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියට

මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ

February 24, 2011

Tagging

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

February 1, 2011

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
බෙර ගසන්නට...
කොම්පියුටර් ඇත
ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
ළමයි හදන්නට...

January 28, 2011

තේරවිල්ල

වැඩිවෙන වැඩිවෙන
සීයට
ගැලවෙන ගැලවෙන
රෙදි යාර

January 27, 2011

A/C බස්

හප්පා..
මේ මුළු දෙකේ
පල් ගඳ!

January 26, 2011

උගුරුත් වේලිලා

මේ පරදේසක්කාරයන්ට
බැනලා උගුරුත් වේලිලා
යමං නාසි එකක් කාලා
බියර් එකක් ගහන්න.

January 25, 2011

නෙතඟ සිනහවකින්
මා හිරිවට්ටා
එලිපෙහිලි කල පපුවේ
කැටයම් කොටයි ඈ...

January 14, 2011

ඓශ්චර්‍‍යා

ඓශ්චර්‍‍යා එන්න. . .
මටත් පේන්න. . .
ඇයි උඹ
සන්ධානේ උන්ටම
විතරක් පේන්නේ?

December 30, 2010

ලේ

බේරුවලේ
මහ දවාලේ
මුහුදු වැල්ලේ
බිල්ලේ
ලේ

December 28, 2010

රිදීරේඛාව

අඳුරු වළාවන්
අප හට
ප්‍රේමයේ ගුලි ගැහීමට
ඉඩ ලබාදුන් අතර
එකම රිදී රේඛාව
එයට
බාධාවක් විය!

December 26, 2010

ඩ්‍රැයිවර් මහත්තයා

හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා
යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා
තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා
හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා

December 2, 2010

මගේ මල

ඈ මගේ මලයි
අත වැනුවේ ඌටයි
ඇහැ ගැහුවේ මූටයි
හිමිකාරයා අරූයි!

November 30, 2010

යන සොඳුරිය

සුවඳ රැගෙන යන සොඳුරිය
නොපෙනී යව යනෙන ලෙසක
ඔබට පෙම්ව බැඳි හදවත
රිදුම් දෙතියි සැකයකි මට!

ෆිට් සෙට් එක

කලින් කලට
පෙලින් පෙලට
විකසිත වන
ෆිට් සෙට් එක!