Showing posts with label පිණිබිඳු. Show all posts
Showing posts with label පිණිබිඳු. Show all posts

March 3, 2011

එදා සහ අද

එදවස
ප්‍රාර්ථනාවේ
වසන්තය විය
මෙදවස
බිඳුණු පැතුමේ
ශීත ඍතුවය

January 25, 2011

අකැප ආදරය

අහපන් ආදරය
එන්න එපා
නුඹ හිතට
හිත අකැපයි
උඹට

January 24, 2011

ආත්ම ශක්තිය

අඳුරේ අතපත ගා
අසීරුවෙන්
සොයා ගත් විගස
මගෙන් උදුරාගෙන
නැවත අඳුරටම
විසිකලහ
ඔවුහු
එය

January 22, 2011

සාපය

වියැකෙමින්
මතුවෙමින්
දුකම මා
වැනසූ කල
මරණයට හඬ ගසා
දෙනෙත් පියා ගන්නවා හැර
මන්දස්මිත් වැගිරෙන
දෑසකට
කුමට නම් තව
කවි ගොතන්නද.....

January 20, 2011

හිතේ සමාධිය

හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

January 18, 2011

ජීවිතය අපරාදෙ

අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට

January 16, 2011

ඉටිපන්දම

පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..

January 14, 2011

අතීතය

සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...