January 2, 2011

උපාසක උන්නැහේ

ජලය පිරි සෙම්බුවක්
හිස දරා භක්තියෙන්
මග දිගේ යන ගමන්
නොබී ඉන් බිඳක් වත්
පිපාසෙන් මිය ගිහින්

2 ක් විඳලා.:

Lishan Puwakowita said...

අහෝ
අවාසනාව..,
දිය දැක දැක ම
මියගිය කරුමය..!

h said...

නැත නැත ලිෂානුව
උතුමා දිය දැක නැත
මන්ද දිය තිබුණේ
ඔහුගේ හිස මතය

Post a Comment