January 19, 2011

එනවාද බලන්නට?

නොකියනා දහක් දේ
නුඹ කියාදෙන දිනට
නොපතනා දහක් දේ
පතන්නට හැකි දිනට
හිරු සඳුත් මුණගැසෙයි
එනවාද බලන්නට?

1 comment:

  1. හිරු සඳු හමුව බලන්න
    එන්නැයි කියන්නේ තරු වලට?
    එහෙනම් ඒ කාලය
    දිවා රෑ කලවම් අලයක් වෙන
    කල්පාවසාන විනාසය?

    ReplyDelete