January 5, 2011

ලතැවිල්ල

නෙළුම් පතක් මත
දඟ පෑ පිණි බිඳ
මොහොතින් දියමත
වැතිරී සැඟවිණි
නෙළුම් පතේ
සලකුණු කිසි නැතිවද
නැතිවූ දියබිඳ
ගැන සිත ළතැවිනි

1 comment:

  1. නෙළුම් පතට යට
    මහා දිය කඳක්
    ගලනා විටෙකත්
    ඇයි මේ ළතැවුල්

    ReplyDelete