January 2, 2011

ඇළ

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම...

3 comments:

  1. ඇළ දුන්නු ඇඳුම ඇඳ
    හැඩ වෙලා වී කරල
    කර පිටින් වඩින්නී
    අළුත් හාලේ බතට

    ඇළෙන් මේ යස ඇඳුම
    තැගි ලෙස ලැබුණු බව
    වී කරල් එකක් වත්
    කාටවත් කිව්වෙ නැත.

    ReplyDelete
  2. අලුත් හාලේ බත
    අලුත් තාලෙට කා
    බඩ බුරුල් වූ විට
    වැවෙන් සේදූ පසු
    වැව දැනගත්තා
    "ආ... වැඩේ හරි වගේ..."

    ReplyDelete
  3. පද ටික ලස්සනට ගලපලා. තේරුත් හොදයි.

    ReplyDelete